‘දුම්රියට ගල් ගහන අයට උපරිම දඬුවම්‘


දුම්රියට ගල් ගසා අහිංසක මගී ජනතාවගේ ජීවිත සමග සෙල්ලම්  කරන්න හදන නැහැදිච්ච මිනිස්සුන්ට එරෙහිව නීතිමය වශයෙන් උපරිම දඬුවම් දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.ටී අරියරත්න මහතා පැවසීය.

ගලක් වැදී මගියකු මරුමුවට පත්වූ අතර තවත් මගින් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.

‘මොවුන් නීතියේ රැහැනට හසුකර ගන්නට පොලිසියට හෝ දුම්රිය නිලධාරින්ට පමණක් කරන්න බෑ ඇත්තටම මේ අපරාධය නවත්තන්න අපට මහජන සහය අවශ්‍යයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි පහත් ‘විනෝදාංශ‘ කරන පුද්ගලයන් පිළිබඳව අවධානය යොමු කර අපට හෝ ළඟම පොලිසියට හෝ තොරතුරු ලබා දෙන්න  කියලා.

ඇත්තටම මෙවැනි පහත් ක්‍රියා නවත්වන්න ගම් මට්ටමින් සංවිධාන වීම වැදගත් පහුගිය දවසක කොල්ලුපිටිය මඩකලපුව ප්‍රදේශයන්හීදී දුම්රියට ගල් ගහපු අය අත්අඩංගුවට ගත්තා. මේ වන විට ඔවුන්ට එරෙහිව නඩු දෙකක් විභාග වෙනවා.

තව ගල් ගහන්න හිතන අයටත් පූර්වාදර්ශයක් වන විදියේ නඩු තීන්දුවක් ලැබේ යැයි සිතනවා.‘ යැයි ද ඔහු කීය.