පශ්චාත් සිමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුව යළී සංශෝධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් එකඟවීම නිසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ පැවති ආරවුල අවසන් කැර ගැනීම ගැන සතුට පළ කරයි.
සෞඛ්‍ය ඇමැති හා අමාත්‍යාංශ බලධාරිනුත් දොස්තර වර්ජනයට පෙර මෙම තීරණය ගත්තානම් පැය කිපයක් හෝ අසරණ ලෙඩුන් පීඩාවට පත් නොවන බවත් මෙයට පුර්ණ වගකීම ගත යුත්තේ අමාත්‍යාංශයේ සිටින අමනෝඥ නිලධරයන් සහ දේශපාලන අධිකාරිය බව සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පවසයි.
මෙරට රජයේ රෝහල්වල වැඩිපුර සේවය කරනුයේ නිදහස් අධ්‍යාපනයේ උපරිම පළ නෙළාගත් උගත් බුද්ධිමත් අයයි. ඔවුන්ව වෛද්‍යවරුන් බවට පත් කර ඇත්තේ මෙරට මහජනතාවයි. එවන් අයට සේවය කරන වෛද්‍යවරුන් ඇතැම් අය මාධ්‍ය සාකච්ඡා මගින් හැල්ලුවට ලක් කිරිම ද ත ම සංගමය හෙළා දකින බවයි.