‘පුංචි කුරුලු කූඩුවේ උන් ඉන්නව පාඩුවේ : එපා විදුලි එළි ගහන්න නිකන් ඉඳින් යාළුවේ‘


දකුණු පළාතේ සුන්දර දූපතකි. එක් පැත්තකින් මුහුදය. එක් පැත්තකින් ගඟයි. රෑ කාලයේ ගස්වල ලගින්නට එන විවිධ කුරුලු වර්ග ගමේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.

මෑතක සිට මේ කුරුල්ලන්ට සැනසුමෙන් රාත්‍රිය ගත කරන්නට ඉඩ නොලැබේ. පිරිසක් අධි බලැති ආලෝක ධාරා ගස්වලට එල්ල කිරීම ඊට හේතුවයි.

එම එළියත් සමග පියාපත් ගසමින් කුරුල්ලෝ යළිත් ගුවනට පිවිස අනතුරක සංඥා දල්වමින් නද දෙති.

කොළඹ ව්‍යාපාරිකයකු ඔහුගේ බඩියා සමග එක්වී අනාදිමත් කාලයක සිට මෙම දූපතේ ගස්වල ලගින කුරුල්ලන් එලවා දැමීමට කැස කවයි. ඊට හේතුව මෙම දූපතේ සැප හෝටලයක් ඉදිකිරීමයි.

කුරුලු පාරාදීසය දූපතින් අවතැන් නොකර එය කළ නොහැකි බව කියති. මේ ගැන සොයා බැලීමට පොලිසියට දන්වා ඇතැයි ද දැනගන්නට ඇත.