‘මතින් නිදහස් රටක්‘ වෙනුවෙන් ජනපති යාපනයේ


මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) යාපනය එළිමහන් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට තිළිණ ප්‍රදානය ද ජනපති අතින් සිදුවිය.

අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන වී. රාධක්‍රිෂ්නන්, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රි  අංගජන් රාමනාදන්, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.

2-(2) 7 10 11