‘යහපාලන රජයෙන් අධ්‍යාපනයයි සෞඛ්‍යයි නංවනවා‘


යහ පාලන රජය බලයට පත්වූ පසු මෛත්‍රීපාල සිරිසේන ජනපති යටතේ සෞඛ්‍ය හා අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අරමුණ වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ අද (5) නෙළුම් පොකුණේ ලෝක සංවිධානයේ කලාපීය කමිටු සමුළුවට සහභාගී වෙමින් පැවසීය.

2020 වනවිට අනවශ්‍ය වියදම් කපා හැර ඉන් ඉතිරිවන මුදල සෞඛ්‍ය හා අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් යොදවා ගැනීමට හැකිවන බව ද හේ සඳහන් කළේය.

‘වර්තමානයේ සෞඛ්‍ය ගැටලු අප තරුණ අවදියේ මුහුණ දුන් සෞඛ්‍ය ගැටලුවලට වඩා බොහෝ සෙයින් වෙනස් බව කිව යුතුයි. ඒ වගේම එදා තිබූ රෝගාබාධවලට වඩා අද තිබෙන රෝගාබාධ වෙනස්‘ යැයි ද අගමැති කීවේය.

DSC_1380 DSC_1409 DSC_1427 DSC_1489