‘ලක් රජය ජාත්‍යන්තරයේ අවිශ්වාසය දුරු කළා‘


සංහිඳියාව ළගාකර ගැනීමේ රජයේ ප‍්‍රයත්නය ගැන විවේචන එල්ල කරන්නන් හමුවේ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් පැවති අවිශ්වාසය දුරු කිරීමටත්, නැතිවී ගිය දේශපාලන ප‍්‍රතිරූපය යළි ගොඩනඟා ගනිමින් ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහාය දිනා ගැනීමටත් රජයට හැකි වූ බව විදේශ ඇමැති මංගල සමරවීර අද (6) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

රටේ සංහිඳියාව, සංවර්ධනය අත් කර ගැනීමටත් ,නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීමටත් රජය ක‍්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ලබන ජනවාරියේ සිට නිල වශයෙන් ඇරැඹෙන බවද අමාත්‍යවරයා එහිදී කීවේය.

web_76DSC_2533