නොවැම්බරයේ අයවැය සමග වැට් යෝජනා යළි ගෙන ඒමට රජය සැරසෙන බවත් ජාවාරම්කරුවනට වාසි වන විදියට දේශීය ආදායම් බදු එකතු කිරීම පෞද්ගලික අංශයට පවරන්නට යන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා අද(14) පැවසීය.
කොටුව දුම්රියපොළ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදා දෙමින් ඔහු පැවසූයේ රාජ්‍ය ආයතන විකුණා විශ්‍රාම වැටුප් කපා ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කැර, මාලබේ වෛද්‍ය විද්‍යාලය අහෝසි නොකර රජය ගෙන යන රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව දිගටම සටන් කරන බවයි.