‘හිටපු අගවිනිසුරුට තනාපතිධුරයක් දීම අනියම් ආකාරයේ අධිකරණයට වූ බලපැමක්‘


(නිමල කොඩිතුවක්කු)

හිටපු අගවිනිසුරුවරයාට ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතා තනාපතිධුරයක් ලබාදීම  අනියම් ආකාරයේ අධිකරණයට සිදුවූ  බලපැමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි.

විදේශ සේවා වලට පත්විම් ලබදිමේදී ඒ පත්විම් ලබා දෙන්නේ විදෙස් සේවයේ සිටින නිලධාරින්ට බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුවත් එම ප්‍රතිපත්ති සියල්ලම අද වනවිට ආණ්ඩුව උල්ලංගනය කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාද හිටපු අගවිනිසුරු මොහාන් පිරිස්ට තනාපතිධුරයක් ලබාදුන් බවත්  අනුර කුමාර සහ  ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාවන්හි අද වනවිට වෙනසක් නැතැයිද රහුමාන් මහතා කීවේය.

තානාපති සේවය සඳහා නව පත් කිරිම් 14 ක් සිදුකර ඇති බවත් ඒ පත්විම් තුළ විදේශ සේවයේ සිටින එක පුද්ගලයකු පමණක් සිටින බවත්  ජාතික ජන බලවේගයෙන් කොළඹින් ඉල්ලලා පරාජය වූ අයෙකුටත්  තානාපතිධූරයක් පිරිනමා ඇතැයිද   ඔහු සඳහන් කළේය.

මාලිමා ආණ්ඩුව ක්‍රමවේදය පරිවර්තනයක් කරනවා යැයි පවසුවත්  කිසිදු පරිවර්තනයක් සිදුව නොමැති බවත් කලින් සිටි ජනාධිපතිවරු සිදුකළ දේම වර්තමාන ජනාධිපතිවරයාත් සිදුකරන බවත් රහුමාන් මහතා තවදුරටත් කීවේය.