(විමුක්ති එස් රුද්‍රිගු)
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය ඒක පාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එලෙස සම්බාධක පැනවීමට ගත් පියවරෙන් සිදුවන්නේ තත්වය තවත් නරක අතට හැරීමක් පමණක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින බවත් අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය ගෙන්වා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ මෙම ස්ථාවරය දැනුම් දුන් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.