‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘


(අමිල චින්තක ගමගේ)

මහමැතිවරණයේදී උතුරේ ජනතාව  ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙන අකමැත්ත බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙය අසාමාන්‍ය ජනවරමක් බවත් එය තේරුම්ගෙන ආණ්ඩුව කටයුතු කළ යුතු බවද ඔහු කීය.

කැනේඩියානු දෙමළ සංගමය වැනි ආයතන නැවතත් ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බවත් ඒවා සංතර්පනය කරනවා වෙනුවට ඒකීය රාජ්‍යයක් තුළ සියලු ජනතාවගේ අභිමාතාර්ථ ඉටුකරන ගමනක් ආණ්ඩුව යා යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම ජනවරම මගින් ජනතාව වඩාත් අපේක්ෂා කරන්නේ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳා ජනතාවට සාධාරණ ඉටුවන හෙට දවසක් උදා කර ගැනීම බවද ඔහු කීය.

ආණ්ඩුව නිවැරැදි ගමනක නොකරන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ භූමිකාව ජනතාව පෙළගස්වමින් ඊට නායකත්වය ලබාදීම බවද ඔහු සඳහන් කළේය.