(නිමල කොඩිතුවක්කු)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වන බවට දැන්වූ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බාර ගෙන නොමැති බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.
ඉම්තියාස් බාකීර් මාකර් මහතා තවම සමගි ජනබලවේගයේ සභාපතිවරයා යැයිද මහලේකම්වරයා සඳහන් කළේය.
මාකර් මහතා ගෞරවනිය දේශපාලඥයකු බැවින් එතුමා සමගි ජනබලවේගය තුළ සිටිය යුතු බව පක්ෂයේ ස්ථාවරය බවත් සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වූ බව ඉම්තියාස් බාකීර් මාකර් මහතා පෙරේදා(18) පැවසීය.