(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුව මේ වෙද්දි වී මෙට්‍රික් ටොන් කීයක් මිලදීගෙන තිබේදැයි ප්‍රශ්න කරනවා. රජය සතුව වී නැති නිසා සහල් මිල ඉහළ යන බවත් ඔබ එදා චෝදනා කළා.අපට ලැබෙන ආරංචිය යනුවෙන් එක දවසකට ප්‍රමාණවත් සහල් වත් ආණ්ඩුව මිලදීගෙන නැහැ.රජය වී මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන්නේ බිලියන පහක් පමණයි.ඒ මුදලින් මිලදී ගන්නා වී ප්‍රමාණවත් වන්නේ දින හතරකට පමණයි. කීරි සම්බා දැනටත් විකුණන්නෙ පාලන මිලට වඩා රුපියල් 40 ක් වැඩියෙන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.