’’කතරගම ගෙදර’’ නඩුව ඉක්මනට


(අංජුල මහික වීරරත්න)

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේ ජන රැලියක දී පැවසීය.

පරදින්නේ නැති ආකාරයට සාක්ෂි එකතු කර  මහාධිකරණයේ අදාල නඩු පවරන බවද ජනාධිපතිවරයා කීය.

"කතරගම ගෙදර" ලයිට් බිලක් බිත්තියේ  ගහල තියෙන කොට පාරේ යන කෙනෙක් අහුල ගෙන මට එවල තියෙනවා. ඒ බිලේ  තියෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියලා.ලයිට් බිලේ තියෙන්නේ එහෙම. හැබැයි ගේ එයාගේ නෙවෙයිලු.රක්ෂිත ඉඩමක ගේ හැදුවේ කොහොමද? මුදල් කොයින්ද? හොයන්න ඕන නැද්ද?ගේ හැදුවනම් හැදුවා කියන්න එපැයි, යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.