(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ. ඒක තමයි ප්‍රශ්නේ.මේ යන විදිහට හර්ෂ විපක්ෂ නායක වේවිද දන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අවුරුදු දහයක පරණ ඒවා පමණක් නොව අවුරුදු 15ක් පරණ පරීක්ෂණ පවා සිදුවෙනවා.අපට තාම මාස පහයි.සමහරු ඉතිහාසය අමතක කර යන්න හදනවා. හැබැයි ඉතිහාසය අමතක කරන්න බැහැ. චූදිතයන්ට දඬුවම් ලැබිය යුතුමයි. මේ ගනුදෙනු ටික බේරගන්න ඕන යනුවෙන්ද අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී පැවසීය.