“පුත්තලමේ ජන්ද රාජකාරි වලට නිළධාරීන් 9,229 ක්


( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් ජන්ද විමසිම සදහා 9,229 ක රජයේ නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයක් යෙදවිමට කටයුතු යොදා ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිළධාරි එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.

මෙම නිළධාරින් සංඛ්‍යාව ප්‍රධාන ගනන් කිරීමේ නිළධාරින් 72 ක්,සහකාර තේරීම් භාර නිළධාරින් 504 ක්,ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපති 1050 ක්,කණීෂ්ඨ ජන්ද ස්ථානාධිපති 2027 ක් ලිපිකරු 4732 ක්,කාර්යාල කාර්ය සහායක 815 ක් ඇතුළුව සමස්ථ නිළධාරින් 9229 ක් මහ මැතිවර්ණයෙ පුත්තලම දිස්ත්‍රික් ජන්ද විමසිමට අදාල රාජකාරි සදහා යොමු කර ඇති බව තේරීම භාර නිළාධාරි වරයා පවසයි.

මේ අනුව මෙම නිළධාරින් පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද මධ්‍යස්ථාන 470 ක් හා ගන්න කිරීමේ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති  බව කියයි.

මැතිවර්ණය සාමකාමි ලෙස පවත්වා‍ගෙන යාම සදහා අවශ්‍ය ආරක්ෂක වැඩ පිළිවෙළ පොලිසිය සමග කටයුතු කරමින් ඇති බව තේරීම් භාර නිළධාරී වරයා පවසයි.