ජනපති ඝාතන කුමන්ත්‍රණයේ සැඟවුණ රහස්


දූෂණ විරෝධි බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන තැතක් ගැන රටට හෙළිවී දින 44 කින් ර​ෙට් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තනතුර අහිමි විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.   


ඒ සමඟම ජනාධිපති ඝාතන තැත හෙළි කළ නාමල් කුමාර නැමැත්තා තවත් තොරතුරු අනාවරණය කරමින් මෙම කුමන්ත්‍රණයට තවත් පිරිසක් සම්බන්ධ යැයි මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හෙළි කළේය.   


වරින් වර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් එම කුමන්ත්‍රණයේ හවුල්කරුවන් යැයි පුද්ගලයන් රැසකගේ නම් හෙළිකර ඇත. මෙම ඝාතන කුමන්ත්‍රණය ගැන වරින්වර ආන්දෝලනාත්මක හෙළිදරව් කළ ඔහු යුද හමුද‌ාවට හා ගුවන් හමුද‌ාවට බැඳී ඉන් ඉවත් නොවූ අයකු බව ද ඉකුත් දිනෙක හෙළිවිය. මේ එම සියලු තොරතුරු පිළිබඳව ඔහු හා පවත්වන ලද සාකච්ඡාවකි.   


• අඹේපුස්ස ගමේ අය ඔබට විරුද්ධව උද්ඝෝෂණය කළා. ඊට පස්​ෙස් ගමෙන් යන්න වුණා නේද?   


 මම දැන් ඉන්නේ අම්පාර සමගිපුර මගේ ගමේ. පිකටින් කරපු ඒවා නම් ප්‍රශ්නයක් නැහැ දැන්. කතා කරල ඉවර වෙලා විසඳගත්තා. වරකාපොළ ප්‍රාදේශීය සභාව ඉස්සරහ ‘වහාම ඒ කුමන්ත්‍රණය හෙළිකරන්න කියලා.’ බැනර් එකක් ගහල තියෙනවලු. මම එයින් එක්කෙනෙකුට කතා කරල කිව්වා. හෙළිදරව් කරන්න ඕන ඔක්කොම හෙළිදරව් කළා. දැන් ඉතින් හෙළිකරන්න තියෙන්නේ ​ෙද්ශපාලන වාසි වෙනුවෙන් මේ වගේ පෝස්ටරයක් ගහපු එකාව අත්අඩංගුවට ගන්න කියල තමා. ඇවිල්ල වාඩි වෙනවා උපවාසෙකට කියලා.   


• මොන පෝස්ටරයක් ද?   


 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්තයව නා සෙවණ ගෝනවල පංසලට ගෙන්න ගෙන ඝාතනය කරන්න හැදුවා. ඒ පිළිබඳව වහා හෙළි කරනු කියා ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පෝස්ටරයක් ගහලලු. ඒක ගහල තියෙන්​ෙන් උදයකාන්ත කියල ඒ පෙළපාළිය කරපු එක්කෙනා. මට ඒකට දෙන්න ඕනෑ උත්තරේ තමයි මමනේ මේක හෙළි කරන්නේ. මම කිව්වේ සත්‍ය දේවල්.   


• ඒ වුණාට ඉකුත් සතියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවලට කිව්වනේ ඔබ ලබා දුන් හඬ පටි වලින් ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තිබිල නැහැ. පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමේ සැලසුමක් තිබ්බ බව?   


ඔව්. ඔව්. ඔව්. ප්‍රසන්න සිල්වා මහත්තයයි ඒ. මෙහෙමයි හඬ පට ගැන මම හැමද‌ාම කිව්වනේ. ඒ ගැන තිබූ හඬ පටි ටික මම මකල දැම්මා. ඒ නිසා සිය කැමැත්තෙන් රහස් පොලිසියට මම මගේ දුරකථනය භාර දුන්නේ. ලංකාවේ මේක කරන්න බැරි නිසානේ දැන් ඒක චීනෙට ද කොහාට ද යවනවලු. මගෙන් ඇහුවා කැමැති ද කියලත්. මම සම්පූර්ණ සත්‍ය හෙළි කරලා තියෙන්නේ. මම කීවා ඒවායින් සියයට 90 ක් 95 ක් පමණ දැනට හොයාගෙන තියෙන්නේ. එතකොට ඕනෑම එකකට අවශ්‍ය හඬ පටි ඔය මොනවා හරි තමයි දැන් හොයාගන්න තියෙන්නේ. මං කියන්නේ ඒකත් ඕකම තමයි.   


• ඔබ කරපු මූලිකම චෝදනාවේ කාරණා හඬ පටි එතැන නැහැ නේද? 

 
හ්ම්...හ්ම්. ජනාධිපති එක, හ්ම්. (මඳවෙල්වක් ගනී) ඒක කොහොමත් මගේ ළඟ තිබුණේ නැහැ. ඒක මගේ ෆෝන් එකේ තිබුණා. ඒකනේ මම හැම වෙලාවේම කියන්නේ. ඒකයි මම ෆෝන් එක දීලා පාඩුවේ බලාගෙන ඉන්නේ.   


• එච්චරම වටිනාම දේ ගැන සාක්ෂි මකා දමා පොලිසියට භාර දුන්​ෙන් ඇයි? 

 
මම ඕක පැහැදිලිව කියල තිබුණා නේ. මම ඒ තර්ජනය කරපු දුරකතන ඇමතුම එද්දී හිටියේ පන්සලක. ඒ නිසා මම ඒවා ඩිලීට් කළා. මම කලින් ද‌ාල තිබ්බු වගයක් ඉතුරු කරගත්තා. ඒ ටික තමයි ඔය තිබිල දුන්නේ.   
මම හොඳම උද‌‌ාහරණයක් කියන්නම් (මඳක් කල්පනා කරයි) රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිතුමා මහ බැංකුවට යන්න හදපු වෙලාවේ එතටන එනවලු. ඇවිත් හම්බවෙලා ඇයි යන්නේ කියල අහනවලු. දැන් මට කියන්න තියෙන්නේ ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඕකේ ඉන්නවා කියන කතාව මාත් එක්ක නාලක සිල්වා මහත්තයා කියල තියෙනවා. හැබැයි ඕකෙත් ඉල්ලන්නේ සාක්ෂි. සාක්ෂිත් එක්ක මට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමා කියන ඔය කතාවට සාක්ෂි ඉල්ලුවොත් මොකද කරන්නේ. අන්න ඒ වගේ වැඩක් තමයි. මට කියන්න තියෙන්නේ. මේක නිකම් අපි සාක්ෂි මතම පදනම් වෙලා සාක්ෂියම තමයි අපේ රටේ. මට කමක් නැහැ මේක කොහේ ගියත්. සාක්ෂියම නම් අංක එක. අපි හිතමු මෙහෙම මනුස්සයෙක් මරල තියෙනවනම් සාක්ෂි නැත්නම් මරල නැහැ වෙනවනේ.   


එක සාක්ෂියක්වත් ඉතුරු නොවී ඝාතනයක් කරන්න බැහැ. කිසියම් හෝ සාක්ෂියක් ඉතිරිවෙලා තියෙනවා. ඒවා පොලිසිය පරීක්ෂණ කරල හොයා ගන්නවා.   


අනිවාර්යෙන්ම. එහෙම ඒවා තියෙනවා. කරන්න පුළුවන් සාක්ෂි නැතිව නඩු කොච්චර අහක යනවද?   


• ඔබ කරන මේ ප්‍රකාශයයි ජනපති ඝාතන කුමන්ත්‍රණයට හිටපු අගමැතිවරයා හා ෆීල්ඩ් මාෂල්වරයා සම්බන්ධයි කියා ඔබ සමඟ නාලක සිල්වා කියා තිබෙනවා කියන කතාව සංසන්දනය කරන්නද හදන්නේ. නැත්නම් සාක්ෂි නැහැ කියලා ඒ කතාව ඔප්පු කරගන්න බැහැ කියලද ඔබ කියන්නේ?   


නැහැ. ඔප්පු කරගන්න බැහැ කියල නොවේ. මං කියන කතාව හොයල බලන්න. මොකද නාලක සිල්වා කියන්​ෙන් මේ හැම දේම කියයි. එයාගෙන් මේ හැමදේම අහගන්න කියලයි මම කියන්නේ.   


• නාලක සිල්වා මහතාත් දුරකතන පටිගත කිරීම් කිහිපයක් රහස් පොලිසියට ලබා දීල තිබුණා නේද?   


ආ ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ඒ කතා කරල තියෙන්නේ මේ රටේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය දේවල්. මොකද හේතුව එතන කොතනකවත් මම වැරදි දේවල් මම කතා කරල නැහැ. මට ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා එයා ළඟ ඒවා තියෙන බව. එහෙම කියන්නේ මාත් එක්ක කතා කරන සමහර වෙලාවට එයා ඒවා රෙකොඩ් කරල තියෙනවා. ඒවා එයා කරන බව මම දන්නවා. ඒවා එයා කරන ඒවා නොදන්නවා වගේ පොඩි ළමයෙක් වගේ මම ඉන්නවා ඉතින්.   


• නාලක සිලවා දැන​ෙගන හිටියේ නැද්ද ​ඔබ මෙතරම් ගේම් ගහන කෙනෙක් කියා? ඒකද ඔබ එයින් අදහස් කළේ?   


නැහැ. මම ඇත්තටම ගේම් ගැහුවේ නැහැනේ. මම යන්නේ ත්‍රස්ත කටයුත්තක් ගැන කියන්නනේ. ඒ කටයුත්තේදී අවශ්‍ය දේවල්, රටේ තියෙන දූෂණ කටයුතු ගැන සාකච්ඡා කරල තියෙනවා. රටේ යුද්ධය අරගල, කුමන්ත්‍රණ, කැරලි ගැන කතා කරලා තියෙනවා. ඔය ‘රෙකෝඩ්’ කරල තියෙන්නෙත් නාලක සිල්වා මහත්තයා නොවේ එයාගේ ගෝලයා. ඒකත් හොඳට මතක තියාගන්න. මොකද හේතුව එතකොට මම කොයි තරම්, කොයි තරම් දුර හිතල තියෙනවද? මම දන්නෙත් නැහැනේ රෙකෝඩ් කරල කියලා. එයාලා හැරෙන කොට මම දන්නවා එයාල එහෙම කරන බව. එයාල බුද්ධි නිලධාරින් වුණාට මට ප්‍රශ්නයක් නැහැ. මම ඊට ටිකක් ඉස්සරහින් ඉන්නවා. එයාලා හැරෙන කොට මම දන්නවා.   


 නාලක සිල්වා මහත්තයා රෙකෝඩ් කරල තියෙනවා තුෂාර පීරිස් එක්ක මම කෝල් ගන්න ඒවා. ඒක මම හැම විටම කියූ දෙයක්. තුෂාර පීරිස් එක්ක මම ගන්න පළමුවැනි කෝල් එක මම නාලක සිල්වා මහත්තයට අහන්න දෙනවා. ඒකට බයවෙච්චි නාලක සිල්වා මහත්තයා සීඅයිඩී එකේ පැමිණීමේ ලේඛනයත් හංගනවා.   


• දැන් ඒ ලේඛනය හොයාගන තියෙනවද?   


ඔව්. ඒක හොයාගෙන තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම කිව්වා ඒ පොත ගැන. ඒක ඒ විදියටම තිබිල තියෙනවා. මට ඒ පොත පෙන්නල ඇහුවා මේකද කියා. මම ඒක අඳුනගත්තා.   


• ඔබ වරින්වර මාධ්‍යයට කියන සමහර තොරතුරු පොලිසියටවත් නොදුන් ඒවා බව කියනවා. මාධ්‍යවල පළවූ පසු ඒ ගැන පොලිසිය ඔබෙන් විමසීමක් කරල නැද්ද?   


නැහැ. එහෙම විමසීමක් කරල නැහැ. බලමු දැන් මම ඒක බලාපොරොත්තු වෙනවා අධිකරණයට රහස් ප්‍රකාශයක් නිකුත් කරන්න.   


• දැන් ඒකද අලුත්ම බලාපොරොත්තුව? ඔබ වරින්වර විවිධ අයගේ නම් ඈදල ප්‍රකාශ කරනවා නේද?   


මෙහෙමයි මම මුලින්ම මාධ්‍යයට කිව්වා ජනපතිතුමා හා ආරක්ෂක ලේකම්තුමා ඝාතනය කිරීම ගැන වගේම ‘කළම්බු ප්‍රයිම් ඩිවිෂන්’ එකේ ඒ.එස්.පී. ප්‍රසන්න අල්විස් ඝාතනය ගැනත් කිව්වා.එස්.අයි.එස්.එකේ ඩී.අයි.ජී. රන්මල් කොඩිතුවක්කු, ඩී.අයි.ජී. නන්දන මුණසිංහ. ඩී.අයි.ජී. සංජීව මැදවත්ත, ඩී.අයි.ජී. ලතීෆ්, එස්.පී. නිහාල්, ඒ.එස්.පී. ප්‍රසන්න අල්විස්, ඩී.අයි. ජනකාන්ත මෙන්න මේ අයව එ් තනතුරුවලින් ඉවත් කරන්න සැලසුම් කරන්න මට උපදෙස් දුන්නා කියා මම කියනවා. ඒකට අවශ්‍ය සාක්ෂිත් මම ඉදිරිපත් කරනවා. අරක නෙවේ ඒවට අදාළ සාක්ෂියි. ඒකම පොලිස් කොමිෂන් එකේ මම පැමිණිල්ලක් ද‌ාල කියනවා විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. පොලිස්පතිතුමා එස්.අයි.යූ. එකටත් ජනාධිපතිතුමා සී.අයි.ඩියටත් පරීක්ෂණ භාර දෙනවා. සී.අයි.ඩී. එකේ විමර්ශන අනුව මම ඒකට අද‌ාළ ප්‍රකාශ දෙනවා. පස්සේ මම කොළඹ යනවා තවත් හඬ පටියක් අරගෙන. නාලක සිල්වා මහතායි මායි අතර ඇතිවුණ ගනුදෙනුවේ කතන්දරේ හඬ පටිනේ මුලින් දුන්නේ. තුෂාර පීරිස් ගැන මුකුත් සාක්ෂි නැහැනේ. අභිරහසක් වගේනේ. ඒ නිසා ඒ සාක්ෂි ගැනත් විස්තර මම ආපහු සී.අයි.ඩී. එකේ පැමිණිල්ලක් ද‌ානවා. මුල් පැමිණිල්ල අරක වුණාට මේකත් රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙච්ච එකක් කියා මම දෙන්නේ. කී පාරක් ගියා ද කියල මට මතක නැහැ. වරින්වර ගියා.   


• මම ඔබෙන් ඇහුවේ ඔබ වරින්වර විවිධ අයගේ නම් එළිදරව් කරනවා. ඉකුත් සතියේ මැදදි ෆීල්ඩ් මාෂල් ගැනත් සති අන්තයේදි හිටපු අගමැතිවරයා ගැනත් කියනවා.   


 මෙහෙමයි. ඉන්නකෝ කියන්න. මම හැමදේම මාධ්‍යයට කියල නැහැ. ඒවා ගැන මාධ්‍යයට කියන්න කලින් සී.අයි.ඩියට කියල තියෙන්නේ. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගැනත් කිව්වා. ඒත් රනිල් වික්‍රමසිංහ ගැන කියල නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ නිසා තමයි අධිකරණයට රහස් ප්‍රකාශයක් දෙන්න ඉන්නේ.   


• ඔබ ආණ්ඩු පෙරළියත් සමඟ හිටපු අගමැතිවරයා මේකට සම්බන්ධයි කියා කියන්න හදනවා.  


නැහැ. උද‌ාහරණයක් කියන්නම්. මම 24 වැනිද‌ා මාධ්‍යයට ප්‍රකාශයක් දීලා ජනපතිතුමාට කියනවා. ‘ජනපතිතුමනි මට ඔබව හමුවුණොත් සරත් ෆොන්සේකා ඇතුළු පිරිස තව මේක ඇතුළේ ඉන්නවා. ඒ අය ගැනත් කියන්නම් කියා.’ සරත් ෆොන්සේකා කියන්නේ මේක ඇතුළේ පොඩි කෙනෙක්. තේරුණාද? සරත් ෆොන්සේකාගේ නම කියල අනික් නම නොකියන්න ඇයි? හේතුව. එතකොට අගමැති ඉන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා මං ඒක කියන්නේ නැහැ ප්‍රසිද්ධියේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්​ෙග් වෙනවනේ. ඒ නිසා මම ඕක කියන්නේ නැහැ.   


නැවත 26 වැනිද‌ා මාධ්‍ය සාකච්ඡාවක් තියල අත් දෙක උස්සල වැඳල කියනවා මට ඔබතුමාට කියන්න දෙයක් තියෙනවා. මට විනාඩි දහයක් දෙන්න කියලා. මොකක්ද මේ කියන්න හදන්නේ. ඇයි මේ. මගේ පුද්ගලික දෙයක් නිසා නෙවේනේ. සරත් ෆොන්සේකාගේ නමත් එක්ක කියල ද‌ාල තියෙන ඒකේ ඊටත් වඩ ප්‍රබලයා කවුද? ඕක තමයි කියන්න දඟලන්නේ. ඊට පස්සේ ආණ්ඩුව පෙරළුනාට පස්සේ මම ප්‍රසිද්ධියේ මාධ්‍යයට එන්න කියල දැන් මම බය නැහැ කියල කියනවා.   


• ඒ කියන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඔබට කරදරයක් වෙයි කියා බයක් තිබුණාද?   


ඔව්. මොකද හේතුව පූජිත් ජයසුන්දර මහත්තයා මට තර්ජනය කරනවා කාර්යාලයට කැඳවලා.   


• ඒ කියන්නේ ඔබ මේ සාක්ෂි ගැන පොලිසියට දුන්නේ මාධ්‍යයට කීවට පස්සේද?   


ඊට පෙර. නාලක සිල්වා මහත්තයා දැනගන්නවා මම මේක හෙළිදරව් කරන්න උත්සාහ කරන බව. එතකොට පූජිත් ජයසුන්දර මහත්තයා මට එන්න කියලා කාර්යාලයේදී මට ‘රිවෝඩ්’ එක දෙන වෙලාවෙදි මට තර්ජනය කරනවා. ‘අනිවාර්යෙන්, සම්පූර්ණයෙන්ම වහාම නවත්වන්න ඕන. කරන්න හිතන් දෙයක් ඉන්නව නම් වහාම නවත්වන්න.’ කියා තර්ජනය කරනවා. නාලක සිල්වා මහත්තයත් මාව පැත්තකට ගෙනිහින් කියනවා.’ කළුගල්වල ඔළුව හප්ප ගන්න එපා.’ කියලා. එතකොට පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයා මේක දැනගෙන ඉන්නවා. දැනුවත් වෙලා ඉන්නේ. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ.   


අනික් එක රටේ අගමැතිට මම කෙළින්ම චෝදනා කරලා මට ඉන්න පුළුවන් වෙයිද? ඒකනේ මම ජනාධිපතිට විතරක් මේක කියන්න ‘ට්‍රයි’ කළේ හැම වෙලාවෙම.   


• මාධ්‍යවල කිය කියා හිටපු වෙලාවේ එතුමව පුද්ගලිකව හමුවෙලා මේ ගැන කියන්න තිබුණානේ. 

 
ඇයි මම එතුමව හමුවෙන්නේ. මම එතුමගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරනවා හමුවෙන්න ඕනෑ කියලා. ඔබව ඝාතනය කරන කුමන්ත්‍රණය මම මේ එළිදරව් කරන්නේ කියා. එතුමට පුළුවන්නේ මාව කැඳවල මේ ගැන අහන්න. මම මෙච්චර දෙයක් මාධ්‍යයට කියල තියෙද්දි පොලිස් ආරක්ෂාවවත් මං වෙනුවෙන් ඉල්ලල නැහැ. හැම වෙලාවෙම මම ඔයාලට කීවෙත් දෙන්න පුළුවන් දෙයක් රජය විසින් බලල දේවි කියලා. ඇයි මම එහෙම ඉල්ලන්නේ. මම කවුද එහෙම ඉල්ලන්න. මම සමාජ සේවකයෙක්. දේශපාලනඥයෙක් නෙවේ. ඉල්ල ඉල්ල පස්සෙන් යන කෙනෙක් නෙවේ. එතකොට ඒ​ ගොල්ලන්ට අයිතියක් යුතුකමක් තියෙනවා මොකක්ද මෙතන වෙන්නේ කියල අහල හොයල බලන්න. ඒ නිසා මම හරි ක්‍රමයටයි ගියේ.   


• ඒ කියන්නේ ගෙවුණු මාස එකහමාර පුරාම ජනපතිතුමා හෝ ඔහුගේ නියෝජිතයෙක්වත් ඔබෙන් මේ ගැන විමසුවෙත් නැහැ. හමුවුණේ නැහැ? කතා කරෙත් නැහැ කියල ද?   


නැහැ මට කිසිම කෙනෙක් කතා කරල නැහැ. දින දෙකක් ඉල්ලීම් කළත් තවමත් කතා කරල නැහැ. දැන් නම් මගේ බලාපොරොත්තුවකුත් නැහැ. මොකද හේතුව මම කියන්න ඕනෑ ඒවා ප්‍රසිද්ධ මාධ්‍යයට කීවත් ඒ නිසා මට එහෙම කරයි කියා හිතෙන්නේ නැහැ.   


• ඔබට ඇතැම් පිරිස් වෙතින් චෝදනාවක් එල්ල කරනවා මේ ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියා ගෙන ආවේත්, මේ ගැන ඔප්පු කරගන්න බැරි වුණොත් ඔබ ඒවා පුන පුනා කීවෙත් යම් ප්‍රබල පුද්ගලයන් පිරිසකගේ මෙහෙය වීමකින් කියලා. ඒ අයගේ උපදෙස් පරිදි කියලත් කියනවා. මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ.   


මං ඕනෑම තැනක මම මේකට කැමැතියි අභියෝග කරන්න. කිසිදු දේශපාලන සම්බන්ධතාවක් නැහැ. එකම එක පාරක් ගියා මහින්ද මහත්තයා එක්ක කතා කරන්න. ඒකත් පේන්නේ නැද්ද ඔය ‘බැනර්’ ගහල තියෙන්නේ.   
 (ඔහු පොලිස් ස්ථානාධිපතිවරයකු පැමිණි බව කියා සංවාදය නවතයි. ඊළඟ දින කළ සංවාදය මෙතැන් සිට)   


• ඒ වගේම ඔබට තියෙන චෝදනා අතර මේ ඝාතන හෙළිදරව් කියන්න කියා ඔබට මුදල් ලැබෙනවා. ඒ නිසා ආණ්ඩු පෙරළියෙන් පසු හිටපු අගමැතිවරයව මේකට සම්බන්ධ කරනවා කියලා. මේ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ. 

 
 මං ගැන කීවොත් ඔබ පුදුම වේවි. ආර්.ඩි.බී. බැංකුවෙන් මම ණයක් ගත්තා අවුරුදු දෙකහමාරකට පෙර. ඒ මුදලින් මම ඉඩමක් අරගත්තා. මේ වන විටත් ඒ ණය ‘ක්‍රිබ්’ වෙලා තියෙන්නේ. මට නඩුද‌ාන්න ආපු අවස්ථා අපමණයි. නමුත් කවද‌ාවත් කිසිම පුද්ගලයෙක්ගෙන් සල්ලි අරන් නැහැ. මට පොලිසියෙන් ලක්ෂ පහක ‘රිවෝඩ්’ එකක් ලැබිල තියෙනවා තෙල්දෙණිය හා රෙහින්්‍යා සිද්ධියට.   


 මින් ඉදිරියට රුපියලක්වත් ගන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ කිසිම කෙනෙක්ගෙන්. තාත්තලටත් මම කිව්වේ හේනක් කරල හරි මේක ගෙවමු කියලයි. එතකොට ලක්ෂ පහට මොනවද කළේ කියන එක ප්‍රශ්නයක්නේ. මම මාස හතක් අටක් වැඩ කරන්නේ නාලක සිල්වා මහත්තයත් එක්ක. මම යන්නේ ණය වුණත් කමක් නැහැ නඩු වැටුණත් කමක් නැහැ කියලයි. කාගෙන් හරි ණයක් ඉල්ලන් පසුව ඉවර කරගන්න පුළුවන්. හැබැයි මේ රටේ ත්‍රස්ත කටයුත්තක්නේ තුෂාර පීරිස් කරන්න යන්නේ. මෙයා කරන්න යන ත්‍රස්ත කටයුතුවලට ඉඩ දුන්නොත්​ මේ රටේ අමාත්‍යවරයෙක් ඝාතනය කරන්න යන්නේ. පල්ලිවලට ගහන්න යන්නේ. ඉතින් ඕක නවත්වන්න ඕනෑ නිසා මට රැකියාවෙනුත් ඉවත් වෙන්න සිදුවුණා. මට ලක්ෂ පහක් ගෙව්වට වරකාපොළ මම පදිංචි වෙලා හිටිය ගමේ හැමෝටම මම ණයම වෙලා තියෙනවා කියලා. අඩුම බිරිඳගේ කණේ කරාබු දෙකත් උකස් කරල තියෙන්නේ. රුපියල් ද‌ාහටත් මම උගස් කරල තියෙනවා. මේවා තමයි ඇත්ත. සාක්ෂිවලින් හොයලා බලන්න. මට කවද‌ාවත් එහෙම දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ.   


• ඔබ ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේත් සේවය කළ නිසා එවැනි සමීප සබඳතාවක් ඇතැයි කියැවෙනවා.   


 මම දැක්කා වෙබ් සයිඩ් එකක යනවා මම ජනපති කාර්යාලයේ වැඩකරන කෙනෙක්. එයින් වැටුප් ලබන කෙනෙක්. ඒ නිසා මේ සේරම ජනාධිපතිගේ කුමන්ත්‍රණ කියා තිබුණා. මේක ගියා විතරයි මුකුත් නැහැ. ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයෙන් සීඅයිඩී පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ලේ තියෙන්නේ නාමල් කුමාර ජනාධිපති කාර්යාලයේ කෙනෙක් නෙවේ. එයා ස්වෙච්ඡාවෙන් සේවය කළ කෙනෙක්. මෙයා ජනාධිපති කාර්යාලයේ නම භාවිත කරල යම් අක්‍රමිකතාවයක් කරල තියෙනවා නම් වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් කරල අත්අඩංගුවට ගන්න කියලා.   


• ඒ කොයි කාලෙදිද?   


මේ ඊයේ පෙරේද‌ා මේ ඝාතන සැලැස්ම ගැන එළිදරව් කළාට පස්සේ. ඒ පිළිබඳව හරි නම් මමයි පැමිණිලි කරන්න ඕන. මමත් ඒක කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ. මම ගැන මෙහෙම ව්‍යාජ පණිවිඩයක් යනවා කියලා. හැබැයි ඒ ගැන සීඅයිඩියට මම ප්‍රකාශයක් ලබා දුන්නා. මම කීවා වහාම මේ ගැන හොයල බලන්න කියා. ඒ පණිවිඩය ද‌ාල තියෙන කෙනා මගේ හැඳුනුම්පත් අංකයත් ද‌ාල තිබුණා. මම බැංකුවකින් ණය මුදලක් ඉල්ලුම් කරලා තියෙනවලු ජනාධිපති කාර්යාලයේ වැටුප් වාර්තා දීලා. මම එහෙම රුපියලක්වත් ජනාධිපති කාර්යාලයෙන් වැටුපක් අරන් නැහැ. ඔය වැඩසටහන් කරන විට රුපියල් ද‌ාහක් දෙදහක් මට බස් එකේ යන්න දීලා තියෙනවා. උපරිම රුපියල් පන්ද‌ාහක් අරන් ඇති අවස්ථා කීපෙකදී. මං බස් එකේ යන්න සල්ලි නැති වුණාමයි ඉල්ලගෙන තියෙන්නේ.   


• බලන්න ගියාම ඔබ සල්ලි අරන් තියෙන්නෙම බස් එකේ යන්න සල්ලි නැහැ කියලනේ.   


 ඔයා දන්නවද බැඳලා අවුරුදු හතරක් වෙනවා මගේ වයිෆ්ගේ අතේ වෙඩින් මුද්දක්වත් නැහැ.   


• ඒක සාමාන්‍යයෙන් විය හැකි දෙයක්නේ   


 හරි එහෙනම් මනුස්සයකුට අඩුම කාමරයක්වත් හද‌ා​ෙගන තියෙන්නේ ඕනෑනේ මෙච්චර කාලෙකට. එකක්වත් නැති මනුස්සයෙක් මන්. හොඳම උද‌ාහරණයක් දෙන්නම්. වරකාපොළ තියෙනවා මං ගෙදර විද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් කරනවා. ඒ වැඩසටහනට ළමයි එකසිය ගානක් හිටියේ ඒ පාසලේ. ඔවුන්ට තේ දෙන්නවත් සල්ලි තිබ්බේ නැහැ. මම ඒ වෙද්දී පෞද්ගලික ආයතනයක වැඩ කරමින් හිටියේ. සල්ලි කතාව ඇදුණු නිසා මම මේ කියන්නේ. ඒ ආයතනයේ මාසික පඩි හැටියට මට හම්බවුණේ රුපියල් විසිද‌ාහක්. ඒකෙන් 11000 ක් මම ළමයින්ට තේ දෙන්න දුන්නා. ඉතින් ඒ ගොල්ලෝ තාමත් හිතා​ෙගන ඉන්නේ. ඒවා මං කොතනින් හරි, ජනාධිපති කාර්යාලයෙන් තමයි දීල තියෙන්නේ කියලා. නමුත් ජනාධිපති කාර්යාලයෙන් අහන්න පුළුවන් ඔයාලට මෙහෙම සල්ලි දීල තියෙනව ද කියලා. මම ඒ අයට කියන්න ගිහිල්ලත් නැහැ මගේ සල්ලි දුන්නා කියලා. වැඩක් නැහැනේ. මම බලාපොරොත්තු වුණා ළමයින්ට ඒ ඒ වැඩසටහන්වලට විවිධ ආයතන ගෙන්වලා ගමට දෙන්න ඕනෑ දේ දෙන්නයි උත්සාහ කරේ. මම හැමද‌ාම කියන කතාවක් තමයි ගමේ පවුල් 54 යි. ඕකෙන් පවුල් 08 ක් කසිප්පු පෙරෙනවා. මෙහෙම මිනිස්සු ඉන්න සමාජයක මේක ගොඩ නගන්න නම් අතේ සල්ලි වියදම් කරල හරි කරන්න ඕනෑ. එහෙම මිනිස්සු ඉන්න සමාජයක් මේක.   


• තුෂාර පීරිස් එවපු මුදලක් ඔබ අර ගත්තනේ?   


ඔව් ඔව්. ඒක හරි. ඒක මම පිළිගන්නවා. ඒකේ කිසිම රහසක් නැහැ. තුෂාර පීරිස් ටී පනස් හයේ දෙකක් ඉල්ලුවම නාලක සිල්වා මහත්තයා සීඅයිඩියේ තිබූ ටී පනස් හය දෙකක ‘ෆොටෝ’ එකක් ගහලා මට දුන්නම මම ඒක ඔහුට යවල නාලක සිල්වා මහත්තයාගේ උපදෙස් පරිදි මම රුපියල් ලක්ෂ තුනක් කියනවා.   


• නමුත් ඔබ මා සමඟ මුලින්ම කිව්වේ ලක්ෂ හයක් කියලා.   


 නැහැ. නැහැ. ලක්ෂ තුනයි. හොඳට අහල බලන්න. 

 
• ඔබ දෙවරක දී කියනවා ලක්ෂ හයක් කියලයි එහෙමද?   


මම එහෙම හිතන්නේ නැහැ. තුෂාර පීරිස් ලක්ෂ තුනක් කීවම ඒකත් අඩු කරන්න හදනවා. උඹ කැමැති ගාණක් කියපන් ලක්ෂ එක හමාරක් කියන්න. මේ ගැන නාලක සිල්වා මහත්තයට කීවම කියනවා. ඒ ගානට ඔහු කැමැති වෙලා මට සල්ලි එව්වම පනස්දහසකින් ෆෝන් එකක් ගන්නවා. ලක්ෂයක් පන්සලට දෙනවා.   


• තුෂාර පීරිස් පසුව හෝ මේ සල්ලිවලට මොකද කළේ කෝ ආයුධ කියා අහන්නේ නැද්ද පසුවවත්?   


නැහැ. තුෂාර දන්නේ නැහැ සල්ලි වියදම් කළා කියලා. එයා හිතාගෙන ඉන්නේ ‘රයිට්’ දැන් ටී පනස් හය රෙඩි කියලා.   


• දැන් ඔබ මේ වෙද්දිත් ඒ ගැන ප්‍රසිද්ධියේ කියල ඉවරනේ. ඔහු නැවත කතා කළේ නැද්ද?   


නෑ. ආයි ඔහු ඒ ගැන කතා කළේ නැහැ. හැබැයි මේ සිද්ධි වෙන්නත් කලින් තෙල්දෙණියේ සිද්ධියෙන් පසුව ඔහු ඒ සම්බන්ධතාව කඩල ද‌ාන්න පටන් ගත්තා. මම දිගින් දිගටම ‘කෝල්’ ගන්න උත්සාහ කරා එයා ‘කෝල්’ වලට ආවේ නැහැ. එයා දැනගත්තා දැන් වැඩේ හරි යන්නේ නැහැ. නාමල් කුමාර කියන්නේ මේ වගේ පුද්ගලයෙක් කියලා.   


• කොයි වගේ කෙනෙක් කියලද?   


ඒ කියන්නේ ත්‍රස්ත කටයුත්ත හොයන කෙනෙක් කියලා එයා දැනගත්තා. ඒකට හේතුව මම නාලක සිල්වා මහත්තයා එක්ක ඉන්නේ නුවර සිද්ධියේදී මම තමයි අමිත් වීරසිංහලාව අත්අඩංගුවට ගන්න තොරතුරු දුන්නේ කියා ඔහු දැන ගැනීමයි.   


මෙතැන බොහොම රහසිගත දෙයක් සිද්ධ වුණේ. නාලක සිල්වා මහත්තයා පුද්ගලික අරමුණු වෙනුවෙන් වැඩ කරාට ඔහු අධිකරණ නියෝගයකින් තමයි එයාලව අත්අඩංගුවට ගන්නේ. ඒ නිසා අපට ඒකට දෝෂයක් කියන්නේ නැහැ.   


• පොලිස් නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධි හැර තවත් සිද්ධි ගැන ඔබේ දුරකතන පටිගත කිරීම්වල තිබුණා ද? ඒවට මොකද වුණේ?   


අවසාන මොහොතේ කතා කළ ඒවා තමයි දුරකතනයේ තිබ්බේ. පුෂ්පරාජ් හමුවූ ඒවා. එහෙම ඒවා මම අධිකරණයට දෙන්නම්. එයාලා දන්නවා අවසානයට හමුවෙන්නේ පුෂ්පරාජ්වයි. ඉන් පස්සේ තමයි පුෂ්පරාජ් මේ විදියට ඉවරයක් කරමු කියන්නේ. ඒවා තමයි අවසානයට රෙකෝඩ් කරල තිබුණේ. මේක විතරක් නෙවේ තව ගොඩක් ඒවා තිබුණා. තව හඬ පටි 15 ක් පමණ තිබුණා. වැදගත්ම දේ ‘ඩිලීට්’ කළේ නාලක සිල්වා මගේ ජීවිතයට අනතුරක් කරයි කියලා. ඔහු ඩී.අයි.ජී. කෙනෙක්. මගේ ගමන් විලාසේ ඉඳන් හැමදේම එයාගේ ගෝලයෝ පවා දන්නවා. ඒ හඬ පටියගෛ් දුරකතනයේ තිබුණා නම් අනිවාර්යෙන් මාව මරල ද‌ානවා. ඒකේ සැකයක් නැහැ. මොකද මම දන්නවනේ පුද්ගලයා කවුද කියලා. අනෙක මේකත් කියන්න ඕනේ. ඩැනි ප්‍රියසාද් කරපු වැඩෙන් අනිවාර්යෙන් මගේ ජීවිතේ නැතිවෙනවා. මේක අභිරහසක් විදියටම වැළලිලා යනවා.   


• ඔබ ඩෑන්ට ඒ පටිගත කිරීම අහන්න නුදුන්නා නම් නාලක සිල්වායි ඔබයි අතර ගැටුමක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා නේද ඔබ මේ සියලු දෑ ඉක්මනින්ම එළිදරව් කරන්න පටන් ගත්තේ.   


 අදහසක් නැත්නම් ඇයි මම මේවා ‘රෙකෝඩ්’ කර​ෙගන ඩෑන්ටත් පෙන්වන්නේ. මොකටද ආදරේට පෙන්නුවා නෙවෙනේ. ඩෑන් ප්‍රියසාද්ට. මෙහෙමයි මට ඕනෑ වුණේ තව සාක්ෂි එකතු කරගන්න. මම කරපු වැඩක් කවද‌ාවත් දෙපාරක් හිතන්න වැඩ කරල නෑ මෙච්චර ඉතිහාසයේ කවද‌ාකවත්. එතකොට මම සාක්ෂි හොයාගෙන තිබ්බේ. නාලක සිල්වා මහත්තයා ගහන්න කියල විතරනේ කිව්වේ. ඒක විතරක් නෙවේනේ සාක්ෂි. තව දෙන්නකෝ බලන්න තම ඕකට සම්බන්ධ කරන්න ඕන මිනිස්සු ඒ මිනිස්සුත් සම්බන්ධ කරගෙන ඒ අයගේ ෆො​ෙටාත් ගහ​ෙගන, එයාලා කතා කරන ඒ වගේ ෆොටෝත් ගහ​ෙගන, මේකට ආයුධ භාවිත කරනව නම් මොන මොන ආයුධ ද අපි ගහන්නේ මොන සැලැස්මටද කියන ඒවා. මම ඒවා සියල්ල මේ වෙද්දී එළිදරව් කරල තියෙන්නේ. මම ඔයාට ඒ හැම දෙයක්ම ප්‍රභාත අතේ සීල් කවරෙක සීඩී එකත් ද‌ාල එවනවා. ඒකේ තියෙන දේ ප්‍රභාත්වත් දන්නේ නැහැ කියලා කියන්නේ ඒ සැලැස්ම වෙන්න ඕවා ගන්න තමයි මම බලාගෙන හිටියේ. හැබැයි සිංහල සංවිධානයක නායකයකු කියන ඩෑන් ප්‍රියසාද් නිසා මේක සාක්ෂි අඩුවෙන් ඉදිරිපත් කරන්න වුණා. දැන් ඩෑන් දෙපිට කාටු උත්තර දෙනවා. මාව අත්අඩංගුවට ගන්න කියන ඔහු පසුව මම අහිංසකයෙක් කියලා කියනවා. මේකද හේතුව ඩෑන්ල පවා තුෂාර පීරිස් එක්ක සම්බන්ධතා තියෙනවා. ඒක මම දන්නවා කියල ඩෑන් දන්නවා. හැබැයි ඔහු එහෙත් හිටියේ නැහැ මං ළඟ ඒවටත් සාක්ෂි තියෙනවා කියලා. ඒක ගැන මම මාධ්‍යවලට කීවම ඔහු මම අහිංසකයි කියනවා. මනුස්සයා බය වුණා. ඒ වුණාට මට කරන්න දෙයක් නැහැ. මම දෙන්න ඕනෑ ඒවා ටික සීඅයිඩියට දීල තියෙනවා.   


• ඔබට මෙමරි චීපයක් භාවිත කරල ඒවාව දුරකතනයෙන් ඉවත් කරලා ගබඩා කරන්න තිබුණා නේද?   


මම මේ ‘ෆෝන්’ එකට කවද‌ාවත් ‘චිප්’ එකක් ද‌ාල නැහැ. ෆෝන් මෙමරිය’ ඇති තරම් තිබූ නිසා. ඒක අවශ්‍ය වුණේ නැහැ. පුලුවන් වෙලාවලදී හඬ පටි වෙනම තියාගත්තු අවස්ථා තිබුණා.   


• ඒ විදියටවත් කරගන්න වෙලාවක් තිබුණේ නැද්ද?   


මේකනේ. මේක වෙලා දවස් කීපයක්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඒක කරන්න බැරි වුණා. ඔබ පිළිගනීද දන්නේ නැහැ. ඒක මට වැඩක් නැහැ. ඒත් මම බොහොම කාර්යබහුල කෙනෙක්. රට වටින්ම ‘කෝල්’ එන කෙනෙක්. මොකද මිනිස්සුන්ට දූෂණ ක්‍රියා වංචා ක්‍රියා, ජාවාරම් මේ දේවල් පොලිසිය විසින් හෝ වෙනත් ආයතනවලින් ඉටු නොවන දේවල් මට කතා කරල කියනවා. එතකොට මම විසඳුම බලලා නිලධාරින්ට කතා කරල දෙනවා. රාජිත සේනාරත්න කියනවා ඊයේ පෙරේදා පොලිස් ඔත්තුකාරයකුට ලක්ෂ ගානේ දීලා තියෙනවා කියලා. නිකං ජොලියට දුන්නා වගේ ඔහු කියන්නේ. පහ ගානේ නොවෙයි ලක්ෂ පහක් දීල තියෙනවා. බොහෝ වැරදි ප්‍රකාශයක් ඔහු කරන්නේ. මට තේරුණේ ඔය දේට මම පොලිසියට විතරක් ඔත්තු දුන් කෙනෙක් නෙවේ. විවිධ රාජ්‍ය ආයතනවලට ඒ අද‌ාළ සිද්ධි ඕනෑ තරම් දීල විසඳුම් ලබා දීල තියෙනවා. එතකොට පොලිස් ඔත්තුකාරයෙක් කියලා හංවඩු ගහන්නේ කොහොමද? සමස්තයක් ලෙස මේ රටේ දූෂණ ක්‍රියා වංචා ක්‍රියා නතර කරන්න ක්‍රියා කරපු කෙනෙක්. පොලිස් ඔත්තුකාරයා කියන වචනය රටේ අපරාධ තොරතුරු ලබා දෙන සියලු දෙනාට කරන චෝදනාවක්.   


• ඔබ යුද හමුද‌ාවේ හා ගුවන් හමුද‌ාවේ සේවයට බැඳිල ඉන් නීත්‍යානුකූලව ඉවත් නොවූ බවට චෝදනාවක් තියෙනවා.   


 ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම ඒකට හොඳ උත්තරයක් දෙන්නම්. මම 2009 දී සම්මුඛ පරීක්ෂණයකින් ගුවන් හමුද‌ාවට බැඳිලා පුහුණු පාඨමාලාවට මාදුරුඔය පුහුණු පාඨමාලාවට  යවනවා. එතනදී පාඨමාලාව හද‌‌ාරන්න ඉද්දී ලිස්සල වැටෙනවා. මාව පොළොන්නරුව රෝහලින් කොළඹට එවනවා. සිංහල අලුත් අවුරුදු ආවාම මම ගෙදර යනවා. මම නිල ඇඳුමක් තියා ගුවන් හමුදාවේ කොට කලිසමක්වත් නොඇඳපු නිසා මම ගෙදර යනවා. කකුලේ ආබාධය නිසා ගෙදර ඇවිත් ආයේ නොයා ඉන්නවා ‘කෝස්’ එක පටන් ගන්න කලින්ම මෙහෙම දෙයක් වෙලා නම් ‘කෝස්’ එක පටන් ගත්තාම කරන්න පුළුවන් වෙයි ද කියා මම නොයා හිටියා. ඔන්න ඕකයි ගුවන් හමුද‌ා සේවය.   
 

ඉන් පස්සේ 2015 දී යුද හමුදාවට ඇතුළත් වුණා. සාලියපුරෙන් බඳවා ​ෙගන පුහුණු පාඨමාලාවට ඇතුළත් වෙන්න ඉන්න අතරතුර උණ ගැනිලා රෝහලට යන්න ඉන්න වෙලාවෙදී මාව වැඩකට යවනවා. මට මතක විදියට දර අදින්න කිව්වා. මට ක්ලාන්තය හැදුණා. පසුව අනුරාධපුර රෝහලට ඇතුළත් කළාට පස්සේ මට වැඩ කරන්න දුන්නු කෙනාට ප්‍රශ්නයක් වෙනවා. ඒකත් එක්ක රෝහලින් ඒ නිලධාරියාට ප්‍රශ්නයක් වෙනවා. මෙයාට ‘ෆිට්’ එක තියෙනවා කියලා කොළඹ එවන්න කියලා මට කියනවා. පස්සේ ගෙදර ගිහින් මාස දෙකකින් මට එන්න කියනවා. අස්වීමේ ලිපිය දෙන්න එන්න කියනවා. මම ඕක ගන්න යන්නේ නැහැ.   


• එතකොට ඔබ ඒ අංශ දෙකේදීම බැඳිල ඉවත් නොවී ද මෙතුවක් කල් හිටියේ.   


නෑ. යුද හමුද‌ාවෙන් ඉවත් කළා. මා ඒ ලියුම ගන්න මම ගියේ නැහැ. ඒක ගැන මම හිතුවෙත් නැහැ. ඒක වරදක් කියා මම දැනගෙන හිටියේ නැහැ.   


ඒ කියන්නේ ඔබ යුද හමුද‌ාවටත්, ගුවන් හමුද‌ාවටත් බැදීමේ දී අත්සන් කළ ගිවිසුම් නීත්‍යානුකූලව අවලංගු කළේ නැද්ද?   


ඒක නම් ඔයාලට පිළිබිඹු කරන්න ඕනෑ. ඔයාලට ඕනෑ දෙයක් ලියන්න. මේ වගේ රටේ ප්‍රශ්නයක් වෙලා තියෙද්දී ඒකට අත්අඩංගුවට ගන්න ඕන නම් අවුරුදු 10කට හි​ෙර් දැම්මත් කමක් නැහැ. මම හිතාමතා වරදක් කරල නැහැ.   


• ඔබ අතින් එතනදී වරදක් වූ බවක් ඔබ දැනගෙන හිටියේ නැද්ද?   


එක දෙයක් මතක තියාගන්න. මේ රටේ මහජනතාව බොහොම අඩු මානසික තත්ත්වයක ඉන්නේ. ඔයාලට අපිට වගේ දැනුමක් නැහැ. වතාවක් ලංකාදීප පුවත්පතේම වතාවක් ද‌ාලා තිබ්බා ‘නාමල්ගේ පැටිකිරිය’ හොයන්න සීඅයිඩියට කියලා ද‌ාල තිබ්බා. ‘පැටිකිරිය’ කියන වචනය ඔබලා භාවිත කරාට ප්‍රවෘත්ති විකුණන්න ඒ වගේ වචන භාවිත කරන්න එපා.   


• මම ඔබෙන් ඇහුවේ එය වරදක් කියා ඔබ දැනගන හිටියද? නැද්ද? කියා පමණයි. මාධ්‍යවල පළවන කළ යුතු දේවල් ගැන නෙවෙයි?   


මෙහෙමයි මම දෙවරකදීම අත්සන් කළා තමයි. ඒක වරදක් කියා මම හිතුවේ නැහැ. ර​ෙට් මෙච්චර ප්‍රශ්නයක් වෙලා ලොකුම හෙළිදරව්වක් කරල තියෙද්දී මගෙන් අසාධාරණ විදියට අනිසි ප්‍රශ්න අහපු එකම කෙනා ඔබයි. ඒකත් ලියන්න. මගේ කතාවනේ ඔබ ලියන්නේ.   


• ඔබ මේ ගැන දන්​ෙන් නැද්ද කියා මම අහපු එක අසාධාරණයක්ද?   


නැහැ. නැහැ. අසාධාරණයක් නොවේ. පැහැදිලිවම මම කියනවනේ මම ඒ ගැන එතරම් හිතුවේ නැහැ කියලා. මම කියන දේ ඔයා ලියන්න. මම ඒක එච්චර හිතුවෙත් නැහැ. ගුවන් හමුදාපති ලියුමක් එවල තිබ්බා අස්වීම ගන්න එන්න කියලා. මම ගියේ නැහැ. ඒක ඒතරම්ම මට වැදගත් නැහැ. එයාලට මාව ඒ වෙනුවෙන් හිර කරන්න ඕන නම් හිර කරපුවාවේ. මට ඒකත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න නිරාකරණය වූ වහාම ඒ දෙකටම ගිහින් ඒ කටයුතු කරගන්න.   


• ඔබගේ නිවසට පොලිස් නිලධාරියෙක් පැමිණියා කිව්වා. ඔබ පොලිස් ආරක්ෂාව ඉල්ලුවාද?   


නෑ. සාමාන්‍යයෙන් නිවසට පොලිසිය යනව එනවනේ. පොලිස් ආරක්ෂාව මං ඉල්ලල නැහැ.   


• පොලිස් ආරක්ෂාව ඉල්ලන්න බලාපොරොත්තුවක් තියෙනවද?   


නැහැ. ගෙදරට පොලිස් ආරක්ෂාව තියෙනවා. තාම එළියට යන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වෙලා නැහැ. තාම මම ඉල්ලලා නැහැ. ඒක දුන්නොත් දෙයි.   


• දුන්නොත් දෙයි කීවේ කවුද ඒක දෙන්න ඕන?   


ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමුඛ රජය ඒ පිළිබඳ කටයුතු කරන්න ඕන. මම මෙච්චර හෙළිදරව්වක් කරල තියෙද්දි ඇයි මම ඉල්ල ඉල්ල යන්නේ.   


• ඔබ හෙළි කළ ඝාතන කුමන්ත්‍රණයේ හෙළි නොකළ තවත් නම් තියෙනවද?   


ඔව්. තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා කවද‌ාක හරි ඒ තනතුරින් ඉවත් වූ ද‌ාක මං ඒ ගැන හෙළිකරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ජනපතිතුමා හමුවී හෝ නැත්නම් අධිකරණයට කරන රහස් ප්‍රකාශයේදී කියන