(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සංවාදයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී වන අතර ඉක්මනින් හොඳම අපේක්ෂකයා තෝරා ගන්නා බවද මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.
ඇමරිකාව වැනි රටවල පවා අපේක්ෂකයින් තෝරා ගන්නේ තරඟයකින් බවද එවැනි ක්‍රම සමහරුන්ට නොතේරීම වහල් තත්වයකැයිද එහිදී මංගල සමරවීර මහතා කීය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා කීවේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පිළිබඳව තීන්දුවක් ගත යුත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් වන බවය.