ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ
රටේ අලුත් දේශපාලන තත්ත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග විමසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්‍ර: බටහිර කුමන්ත්‍රණ ගැන නිතරම කියන ඔබ මාසෙකට වැඩි කාලයක් බටහිර රටකට වෙලා සැප ගත්තා?
පිළිතුර- ඔබ කොහොමද එහෙම කියන්නේ? බ්‍රිතාන්‍යයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් මට ආරාධනාවක් ලැබුණා. මම ලියපු ‘ජුනි-9’ පොත ගැන දේශනයක් කරන්න එන්න කියලා. ඒ දේශනය මම ඉතා සාර්ථකව කළා. ඊට පස්සේ අපි අපේ සංවිධායකයන්ගේ එකමුතුවක් ගොඩනඟන්න කටයුතු කළා. ඒක කළේ ඒ ඒ නගර ආශ්‍රිතව. ඊට අමතරව මම ඉතාලියේ මිලානෝවලට ගියා. එහි ශ්‍රී ලාංකිකයන්ගේ හමුවකුයි, අපේ ක්‍රියාකාරින්ගේ හමුවකුයි තිබුණා. ඒ කටයුතු නිසා තමයි සැලකිය යුතු කාලයක් ගත වුණේ.
ප්‍ර:මේ මොහොතට අදාළව රටේ දේශපාලනය ගැන ඔබේ කියැවීම කොහොමද?
පිළිතුර- අපි පසුකරමින් ඉන්නේ මෑත කාලීන ඉතිහාසයේ මුහුණ දෙන ඉතාම නරකම තත්ත්වයට. මම එහෙම කියන්නේ සමහරු හිතාගෙන ඉන්නවා තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වලින් නිරූපණය වෙච්ච අර්බුදයෙන් ජනතාව එළියට එමින් සිටිනවා කියලා.
ප්‍ර:ඇත්තටම ඒක එහෙම නොවෙයිද?
පිළිතුර- මෙහෙමයි, මූලික තුරන්වීමක් පේන්න තියෙනවා තමයි. හැබැයි එමගින් කියැවෙන්නේ නෑ අපි ඒ අර්බුදයෙන් එළියට එමින් ඉන්නවා කියලා. ඒ වෙනුවට වෙලා තියෙන්නේ එහි පතුළට තව තවත් කිඳා බැසීමයි. ඒක සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන්න පුළුවන්. මොකද බැලූ බැල්මට ජීවන වියදමේ ඉහළ යාම හැරුණු විට වෙනත් කරුණුවලින් පේන්නේ නැති නිසා.
එක පැත්තකින් ඉන්දියාව මේ තත්ත්වය වාසිදායක ලෙස කළමනාකරණය කරගනිමින් ඉන්නවා. ඉන්දියාව ඒ අයගේ අවනත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගන්න. බලශක්තිය පැත්තෙන් ඔවුන්ගේ බලය ශ්‍රී ලංකාවට විහිදුවමින් ඉන්නවා.
අනික් පැත්තෙන් දෙරට අතර භූගෝලීය සම්බන්ධතාව නිර්මාණය කරන්න සූදානමින් ඉන්නවා. දැන් එට්කා ගිවිසුම අත්සන් කරන්න නියමිතයි. ඒක අත්සන් කළොත් ලංකාවේ වෙළෙඳාම හා සේවා ආර්ථිකයට සම්පූර්ණයෙන්ම ඉන්දියාවට ඇතුළුවෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදියට ඒ අවදානම දරුණු ලෙස ඉහළ යමින් තිබෙනවා.
ප්‍ර:අනික් අතින් බටහිර රටවල් විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඒ ගොල්ලන්ගේ ආරක්ෂක අභිලාෂයන් වෙනුවෙන් ලංකාව යොදා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.
ඔබ ඔය බොහොම පරණ කතාවක් කියන්නේ?
පිළිතුර- ඔබට මම උත්තරය සම්පූර්ණ කළාම තේරෙයි මේක පැරැණිද, අලුත්ද? කියලා. මම මේ කියපු දේවල් ඔක්කොම වෙන්නේ අයි.එම්.එෆ්. එකට අවශ්‍ය පරිදි ආර්ථිකය හැසිරෙන අතරේ. දැන් බලන්න! වැට් එක අලුතෙන් දැම්මා මෙතෙක් වැට් බල නොපාපු ක්ෂේත්‍රවලටත්. උදාහරණයක් හැටියට ලංකාවේ නිපදවන රෙද්දට වැට් එක දැම්මා. පිටරටින් ගේන රෙදිවලට වැට් එක නෑ. ලංකාවේ ටැක්සි සේවා සමාගම් තියෙනවනේ. ඒවට වැට් එක වදිනවා. පිටරට සමාගමක් නම් ඒකට වැට් එක වදින්නේ නෑ. ලංකාවේ නිපදවන පොල්තෙල්වලට වැට් එක වදිනවා. පිටරටින් ගේන පොල්තෙල්වලට වැට් එක වදින්නේ නෑ.
ඒ විදියට දේශීය නිෂ්පාදන පද්ධතිය දුබල කරනවා. විදේශීය නිෂ්පාදන පරිභෝජනයට උනන්දු කරවනවා. එතකොට අපි කොහොමද අර්බුදයෙන් එළියට එන්නේ? අපේ වෙළෙඳ පරතරය පියවන්න පුළුවන්ද?
අනිත් එක තමයි ඔබ දැනගත යුතු බරපතළම කාරණය යූඑන්ඩීපී එක ‘රිපෝර්ට්’ එකක් නිකුත් කළා. ඒ ‘රිපෝර්ට්’ එකේ සඳහන්වන දත්ත අනුව ලංකාවේ ඉහළම ධනපතියන් සියයට 1ක් ජාතික ආදායමෙන් සියයට 31ක් භුක්ති විඳිනවා. ඊළඟට ඉහළම සියයට 10 ජාතික ආදායමෙන් සියයට 64ක් භුක්ති විඳිනවා. යටම ඉන්න සියයට 50 ජාතික ආදායමෙන් සියයට 4යි භුක්ති විඳින්නේ. මේ යටම ඉන්න සියයට 50 මත තමයි මේ සියලු බර පිට බර පටවලා තියෙන්නේ. මේ සියයට 50 එක වේලක් බඩට දාගන්න බැරි අභියෝගයට මුහුණදීලා ඉන්නවා.
බදු වදිනකොට ඒ හැමෝටම වදිනවා. මේ අසාධාරණ තත්ත්වය නිසා ඉදිරි අනාගතයේදී භයානක ප්‍රතිඵල ලැබේවි. මම දැක්කා පිටරටක මේ වගේ පීඩාකාරී තත්ත්වයක් දරා ගන්න බැරිව මිනිස්සු ‘ෆුඩ්සිටි’ කොල්ලකන තත්ත්වයට පත්වෙලා තියෙනවා. අපි කියනවා ඕකට ‘ආහාර කැරැලි’ කියලා. එහෙම කැරැලිකාරි තත්ත්වයක් මේ රටේ වර්ධනය වුණොත් පුදුම වෙන්න දෙයක් නෑ. මේ වර්ධනය වන තත්ත්වයන් දිහා බැලුවම.
ප්‍ර:ඔබලා උත්කර්ෂයට නංවමින් රැගෙන ආපු ගෝඨාභය රාජපක්ෂ, රට වට්ටපු වැට්ටිල්ලේ තරමට අනුව මේ උත්තර හැර වෙනත් උත්තරත් නෑ!
පිළිතුර - මෑතදී පකිස්තානයත් අප හා සමාන අර්බුදයකට ගොදුරු වුණා. පකිස්තානයත් අයි. එම්. එෆ් එකේ සහාය පැතුවා. හැබැයි අයිඑම්එෆ් එක කිව්වා ‘ශ්‍රී ලංකාව ආදර්ශයට අරගෙන, ණය ගෙවන්න බෑ කියලා.’ ප්‍රකාශයට පත් කරන්න කියලා. පකිස්තානය කිව්වා ‘බෑ. අපට ඒක කරන්න බෑ’ ඒක කළොත් ඒකෙන් ඇතිවන ප්‍රතිවිපාක අපි දන්නවා’ කියලා. ඊට පස්සේ පකිස්තානය කළේ චීනයෙන්, මැදපෙරදිග රටවලින් ණය මුදල් ලබාගෙන විදේශ සංචිත යම් ප්‍රමාණයකට ශක්තිමත් කරගෙන ණය වාරිකත් ගෙවමින් රටේ අවශ්‍යතා සපුරා ගනිමින් අමාරුවෙන් හෝ ඉදිරියට යන එක.
අපි මෙතැන උපාය මාර්ගිකව කළ ලොකුම වැරැද්ද තමයි අයි එම් එෆ් එකේ ලණුව කාපු එක. ඒ විතරක් නොවෙයි. කඩිමුඩියේ ‘අපට විදේශ ණය ගෙවන්න බෑ’ කියලා ප්‍රකාශයට පත් කරපු එක. අඩු තරමින් ඇමැති මණ්ඩලය තුළවත්, පාර්ලිමේන්තුව තුළවත් සාකච්ඡා නොකර තමයි එහෙම කිව්වෙ. එහෙම කරපු නිසා තමයි මේ අසීරු තත්ත්වය එන්නේ.
ප්‍ර: ඔබ කියන්නේ අයිඑම්එෆ් යෑම වැරැදියි කියලද?
පිළිතුර- අයිඑම්එෆ් එකේ සහාය ගන්නවා කියන්නේ අයිඑම්එෆ් එකට ඕනැ විදියට අවනත වෙනවා කියන එක නොවෙයි. මේ කර්මාන්ත වැහෙනකොට රස්සා නැති වෙන්නේ කාගෙද? ඇඟළුම් කම්හල් වැහෙනකොට ඒ තරුණියන් ‘ස්පා’වලට ගාල් කරනවා. මේ විශාල කඩා වැටීමක් තියෙන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් ‘දැන් පෝලිම් නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ’ කියලා. පෝලිම් කියලා කියන්නේ අර්බුදයේ තීව්‍රතාවයේ ප්‍රකාශනයක්. අර්බුදයේ තීව්‍රතාව තාම තියෙනවා. නමුත් අර ප්‍රකාශනය නැතිවෙලා තියෙනවා ඒක හරි.
වාසුදේව නානායක්කාර කියලා තිබුණා ජවිපෙත් එක්ක සන්ධානයකට යන්න සූදානම්. ඒකට විමල් හා ගම්මන්පිලත් එකඟයි කියලා. ජවිපෙ කියනවා ‘අපිත් අයිඑම්එෆ් යනවා’ කියලා.
ප්‍ර:ඉතින් ඔබ කොහොමද ජවිපෙත් එක්ක යන්නේ?
පිළිතුර- ඒක වාසුදේව සහෝදරයගේ මතයක් මිස අපේ පොදු මතයක් නොවෙයි. ජවිපෙත් එක්ක සන්ධානයකට යන්න මගේවත් උදය ගම්මන්පිල මන්ත්‍රීතුමාගේවත් අදහසක් නෑ.
ප්‍ර:නමුත් ජවිපෙ ඇතුළු මාලිමාව අද රටේ තීරක බලයක් බවට පත්වෙලා තියෙනවා?
පිළිතුර- ඔව්! එහෙම බලයක් බවට පත්වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒකෙන් අදහස් වෙනවද අපි ඒකට එකතුවිය යුතුයි කියලා. අනික මොකද්ද එතැන තියෙන ප්‍රතිපත්තිය. දැන් රනිල් වික්‍රමසිංහ ‘රිගෙයින් ශ්‍රී ලංකා’ සැලැස්ම නැවත ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒකේ තිබුණ අණ පනත්මයි ගේන්නේ.
ඊට අමතරව දැන් අලුත්ම පනත තමයි ඒක ගැසට් කරලා තියෙනවා. 2015 දි ජිනීවාවලින් ආපු 30.1 යෝජනාව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒක පිළිගත්තා. ඒක අනුව දැන් ‘සත්‍ය සෙවීමේ හා ප්‍රතිසංවිධාන කොමිෂන් පනත’ ගැසට් කරලා තියෙනවා. ඊට අමතරව මීට කලින් සම්මත කරගත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත ආදී පනත් රැසක් තියෙනවා.
2016 විතර සම්මත කරගත්ත පනතකින් යුද අපරාධ පිළිබඳ මහාධිකරණයකුත් පිහිටුවලා තියෙනවා. එතකොට මේ සත්‍ය සෙවීමේ හා ප්‍රතිසංවිධාන කොමිසම පිහිටෙව්වාට පස්සේ අර ජිනීවාවල කියන යුද අපරාධ චෝදනාලත් හමුදා නිලධාරින් සම්බන්ධව නඩු විභාගවලට ලංකාව ඇතුළේ දොර ඇරෙනවා. ඒ සත්‍ය සෙවීමේ කොමිසමේ විදේශීය නියෝජනයක් තියෙනවා. ඒ අතරම ඕනෑම කෙනෙකුට සාක්ෂි දෙන්න පුළුවන්. ‘ඔන් ලයින්’ සාක්ෂි දෙන්න පුළුවන්. බොරු සාක්ෂි දෙන්න පුළුවන්. බොරු සාක්ෂියක් දුන්නා කියලා කිසිම දෙයක් කරන්න බෑ.
අපේ සාක්ෂි ආඥාපනත ඒකට බලපාන්නේ නෑ. ‘ඇපිල් කෝට්’ ගිහින් මේකට ‘රිට් ආඥාවක්’ ගන්න බෑ ඒකත් වළක්වලා තියෙනවා. එතකොට ඉතාම පැහැදිළිව 2015න් පස්සේ රනිල් වික්‍රමසිංහ පටන්ගත්තු ඒ ගමන පොහොට්ටුකාරයෝ ටිකකුත් තියාගෙන. ඔවුන්ගේ සාධුකාරය අරගෙන ක්‍රියාත්මකයි. ඇත්ත කතාව ගත්තොත් මේකෙන් ගෝඨාභය දන්නේ නෑ එයාගේ බෙල්ලටත් තොණ්ඩුව වැටෙනවා. ගෝඨාභය දීලා ගියා ඔටුන්න රනිල්ට. රනිල් දන් දෙනවා වද මල්මාලය ගෝඨාභයට? සහ අනෙකුත් ආරක්ෂක ප්‍රධානීන්ට.
ප්‍ර:මේ පවතින දේශපාලන වටපිටාව තුළ විමල් වීරවංශට ස්ථානගත වෙන්න තැනක් නෑ කියලා මම කිව්වොත්?
පිළිතුර- අනේ මගේ අනාගතය ගැන ඔයා වදවෙන්න එපා. ඒකට කවුරුවත් කලබල වෙන්නත් එපා. අපි දන්නවා අපේ අනාගතය කොයි වගේද කියලා. අපි ඉන්න මතයක් තියෙනවා. ඒ මතයෙන් අපි කවදාවත් වෙනස් වුණෙත් නෑ. වෙනස් වෙන්නෙත් නෑ. ඒ මතවාදය මත පදනම් වෙච්ච ඒ බලවේගය අපි නිර්මාණය කරමින් ඉන්නවා. ඒක හෙට දවසෙදි තවත් බලවත්ව ඉදිරියට ගේනවා. ඒ මත විශ්වාසය තියලා තමයි අපි ඉදිරියට යන්නේ. එහෙම නැතිව කාගෙවත් කරේ ගිහිල්ලා එල්ලෙන්න අපේ අදහසක් නෑ.
ප්‍ර:ඔබට දැනෙන පරිදි ඔබ දැන් ‘හීරෝ’ ද ‘ශීරෝද?’
පිළිතුර- හීරෝ නොවෙයි. ෂීරෝද නැද්ද කියලා තීරණය වෙන්නේ අනාගතයේදී.
ප්‍ර:‘රාජපක්ෂලාට ගෑවිච්ච කෙනෙකුටවත් ඡන්දෙ දෙන්න එපා’ කියලා ප්‍රකාශනයක් රටේ තියෙනවා. රාජපක්ෂලාව නැවත කරළියට ගෙනාවේ ඔබ ඇතුළු කිහිප දෙනෙක්. එහෙම වුණාම?
පිළිතුර - ලන්ඩන් නුවර තිබුණ සම්මන්ත්‍රණයට සහභාගි වුණේ ආරාධිතයන් පමණයි. 250කට වගේ ආරාධනා කරලා තිබුණා. එයින් 225කට වඩා වැඩි පිරිසක් සහභාගි වුණා. ඔවුන් හොඳට කතාවට සවන් දුන්නා. ප්‍රශ්න මතුකළා. ඒවට උත්තර දුන්නා. විදේශගතව ගත්තත් ලංකාව ඇතුළේ ගත්තත් අපේ ක්‍රියාකාරිත්වය කිසිම මන්දගාමී බවක් නෑ. අපි තවත් ශක්තිමත්ව ඉදිරියට යනවා.
ප්‍ර:මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් ඔබේ තක්සේරුව?
පිළිතුර- ජනාධිපතිවරණය ව්‍යවස්ථාවට අනුකූලව නම් පවත්වන්න ඕනෑ. හැබැයි ජනාධිපතිවරණය තිබ්බත් මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුණොත් එය සාමකාමී ජනාධිපතිවරණයක් වෙයි කියන බලාපොරොත්තුව තබා ගැනීම ඉතා අසීරුයි.
ප්‍ර:ඔබ මීට කලින් කැට තියලා කිව්වා ‘රනිල් වික්‍රමසිංහ කීයටවත් ජනාධිපතිවරණයට එන්නේ නෑ’ කියලා?
පිළිතුර - මම තාමත් කියනවා එන්නේ නෑ කියලා. හැබැයි, බටහිරටත් ඉන්දියාවටත් අද රනිල් තරම් හොඳ කෙනෙක් වෙන නැති බව පේන්න තියෙනවා. ඒ නිසා රනිල්ට උවමනා වුණත් නැතත් බටහිරට සහ ඉන්දියාවට රනිල්ව ගෙන ඒමේ උවමනාව වැඩියි. ඒ දෙපාර්ශ්වය වෙනුවෙන් රනිල් ඉටු කරමින් ඉන්න කාර්ය භාරය වෙන කාටවත් කරන්න පුළුවන් වෙච්ච කාර්ය භාරයක් නොවෙයි. ඉදිරියට කරන්න තියෙන කාර්යභාරයකුත් තියෙනවා එයාට. ඒ නිසා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ සම්භාවිතාවකුත් තියෙනවා. හැබැයි රනිල් එහෙම එන්නේ දිනන්න මිසක් පරදින්න බලාගෙන නොවෙයි. එතකොට අර මම කියපු පීඩනය තවදුරටත් තීව්‍ර වුණොත් මිනිසුන්ගෙන් ආහාර කැරැලි මතු වුණොත් ඒ වගේ තත්ත්වයක් පාවිච්චි කරන්නත් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය බොහොම රළු ජනාධිපතිවරණයක් බවට පරිවර්තනය කරගන්න. ඒ නිසා බොහෝ දේවල් විය හැකිව තියෙනවා. ඒ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනෑ.
ප්‍ර:විපක්ෂයේ කඳවුරු ගණනාවක් තියෙනවා. ඔබ මෙයින් තෝරාගත්තේ මොන කඳවුරද?
පිළිතුර- අපි ඔය කඳවුරු එකක්වත් තෝරාගත්තේ නෑ. අපි තෝරගත්තේ අපේ ජාතිකවාදි කඳවුර පමණයි.
ප්‍ර:මම මුලින් කිව්වා වගේම මාලිමාවට ලොකු රැල්ලක් තියෙනවා.
පිළිතුර- මම නෑ කිව්වේ නැහැනේ. ජවිපෙට පුළුවන් දාහ තුන්දාහ කරලා පෙන්වන්න. ඒ හැකියාව ජවිපෙට තියෙනවා. 2018 ජනාධිපතිවරණයෙදිත් ජවිපෙ ගෝල්ෆේස් එක පුරවලා පෙන්නුවානේ. ඒත් ඡන්දෙ ලැබුණේ සියයට තුනයිනේ. ඒ නිසා ඔය පෙන්වන රැල්ලක් නැහැ. යම්කිසි රැල්ලක් තියෙනවා. 69 ලක්ෂයේ ජනතාවට ලොකු කේන්තියක් තියෙනවා. ඒ අය ගෝඨාභයගේ ජයග්‍රහණයත් එක්ක ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ බලාපොරොත්තු බිඳ වැටුණා. ඒ කේන්තිය පිට කරන තැනක් හැටියට සමහරු තෝරාගෙන තියෙනවා මාලිමාව. හැබැයි ඒ 69 ලක්ෂයේ අතිමහත් බහුතරය නොවෙයි. සුළු පිරිසක්. බහුතරය තාම වර්ධනය වෙන අලුත් තත්ත්වය දිහා බලාගෙන ඉන්නවා.
ප්‍ර:ඔබට වැරෙන් තඩි බාන්න හමක් හමුවෙලා තියෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ?
පිළිතුර- රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ගෝඨාභය පලාගියාට පස්සේ ජනාධිපති වෙච්ච වෙලාවේ හදිසි නීතිය ගේන කොට අපි ඒකට පක්ෂව ඡන්දය දුන්නනේ. අපට උවමනා වුණේ නැහැ අරාජිකත්වය තව වර්ධනය කරන්න. එතැනදි මම පාර්ලිමේන්තුවෙදි කතාවකුත් කළා. පක්ෂවත් ඡන්දය දුන්නා.
රනිල් වික්‍රමසිංහ එක්ක පෞද්ගලික ආරෝවක් නොවෙයි මෙතැන තියෙන්නේ. එයා 2003 පටන් ගත්ත වැඩ පිළිවෙළක් තියෙනවා. ඒක දැන් පොහොට්ටුකාරයන්ගේ ආශිර්වාදය ඇතිව ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට ප්‍රශ්නය තිබෙන්නේ පිට කවරය ගැන නොවෙයි. මදය ගැනයි. එහෙම නැතිව වෙන ප්‍රශ්නයක් නෑ.
ප්‍ර:මෙම සාකච්ඡාව පුරාවට ඔබ ඉන්දියාව, එක්සත් ජනපදය විවේචනය කළා. නමුත් චීනය ගැන වචනයක්වත් කිව්වේ නෑ. ඔබ කරන්නේ චීන කොන්ත්‍රාත්තුවක්?
පිළිතුර- නෑ. මම කිසිම කොන්ත්‍රාත්තුවක් ඉෂ්ඨ කරන කෙනෙක් නොවෙයි. හැබැයි ලෝකයේ දැන් තියෙන බල කේන්ද්‍ර දිහා බැලුවම ඇමෙරිකාව ඇතුළු යුරෝපය තියෙනවා. ඉන්දියාව වගේම චීන බලකේන්ද්‍ර තියෙනවා. තව ඕනෑ නම් රුසියාව ගන්නත් පුළුවන්. මම මෙයින් වඩාත් බර අර ‘බ්‍රිටිස්’ එකෙන් නිරූපණය වන බල කේන්ද්‍රයට.
චීනය, රුසියාව ඇතුළුව බ්‍රිට්ස් කියන සංවිධානය හරහා නිරූපණය වන බල කේන්ද්‍රයක් තියෙනවනේ. ඒ ජාත්‍යන්තර බල කේන්ද්‍රයට තමයි මම මිත්‍ර. මම පක්ෂ.
සාකච්ඡා කළේ
■ ප්‍රසන්න
සංජීව තෙන්නකෝන්