(වයි.ඵ්.ඵස් වීරවංශ)
ඥාතීන්ට ඵක නීතියක් ජනතාවට වෙන නීතියක් අද අපේ රට පත්වෙලා එවැනි තත්ත්වයකට යැයි ජනතා විමුක්ති පෙරමුණේ පුධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (8) දින බලංගොඩ දි පැවැසිය.
ඵ් මහතා මෙම අදහස් පළ කළේ සොරි කවුද දිනුවෙ යන මාතෘකාව යටතේ බලංගොඩ සමුපකාර උත්සව ශාලාවේ පැවැති රැස්වීමක් අමතමිනි.
ඵහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
"ඇත්තටම දිනලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු මාරු වුනාට ආර්ථිකයේ කිසි වෙනසක් වෙලා නැහැ. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මයි ක්‍රියාත්මක වන්නේ. රට දැවැන්ත ණය අර්බුදය කට යොමු වෙලා මෙරටෙ ඵක පුද්ගලයෙකු රුපියල් ලක්ෂ නවයක් ණයයි.
හිතවතුන්ට හම්බ කරගන්න බදු සංශෝධනය කර තිබෙනවා දැන් හැම ඵකටම හමුදාව යොදවනවා.
ගැසට් වලින් ලියුම් වලින් රටක් ගොඩ නගන්න බැහැ අද රටේ පරිසරය විනාශ විමට ලක් වෙලා පරිසරය ආරක්ෂා කිරීමට සටන් කරන්න සිදුවෙලා අපි වසර 73 ක් තිස්සේ කලේ ආණ්ඩු මාරු කිරිම පමණයි.
මෙය වෙනස් කිරිම සදහා පුළුල් සමාජ කමයක් ඇත කල යුතුයි ඵ් සදහා මහජන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුයි. පසුගිය මැතිවරණය දෙකෙන්ම ජනතාව පැරදුනා."