(යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද සහ උණවටුණ ඩි.ජි සුගතපාල)
ශක්තිමත් පාර්ලිමෙන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදිම තම අරමුණ බැව් එජාප නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) ගාල්ලේදී පැවසීය.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මන්ත්‍රිවරයාගේ ගාල්ල උළුවිටිකේ පිහිටි නිවසේ පැවති ගාල්ල එජාප බල මණ්ඩල රැස්විම අමතමින් එජාප නායකවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද පැවසීය.
‘‘ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්ව පැලැන්තියක් හදන්න ඕනෑ. දුර්වල පාර්ලිමේන්තුවකින් ඒක කරන්න බැහැ. ශක්තිමත් පාර්ලිමෙන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියකරන්න අවස්ථාව ලබාදිය යුතුයි. එහෙම වුණොත් අපිට පුළුවන් මේක අන්ත පරාජයකට යන්නේ නැතිව ජයග්‍රහණයක පළමු පියවරය තබන්න. අලුත් එජාපයක් අලුත් සන්ධානයක් ඇති කිරිමට කටයුතු කරනවා.
අපේ පක්ෂය ඉදිරියට ගෙනියන්නේ කෙහොමද? ප්‍රතිසංවිධනය ගැන අපි විතරක් කථාකරලා හරියන්නේ නැහැ. අපි කියන දේ මහා සංඝරත්නය පිළිගන්නේ නැතිනම් කුමක්ද ඒකේ තියෙන ප්‍රයෝජනය.. ඒ නිසා මේ ගැන මහා සංඝරත්නය සමග කථාකරලා ඉදිරියට යන්න අපි උපදෙස් ගන්න ඕනෑ.
අන්න එහෙම තමයි මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න වෙන්නේ. ජනවාරි මස 01වැනිදා සිට විහාරස්ථානවලට ගිහින් අපේ අඩුපාඩුකම් ගැන මහා සංඝරත්නය සමග කථාකරන්න. අපි අලුත් විදියකට බලන්න ඕනෑ මේ පක්ෂය අලුත් විදියකට ගෙනියන්න ඕනෑ. මම හැමදාම හිටියේ මේ පක්ෂය ආරක්ෂා කරන්න. පක්ෂයේ වැඩකටයුතු සංවිධායකවරුන් විසින් කරන්න ඕනෑ. විපක්ෂයේ කටයුතු කරන්න මම විපක්ෂනායකකම සජිත් ප්‍රේමදාස මහතාට දුන්නා. අපි කිහිපදෙනෙක් අනික් සංවිධන අනික් දේශපලාන පක්ෂ සියල්ල එක්ක කථාකරගෙන ඉන්නවා.. අපිට ගන්න පුළුවන් පොදු වේදිකා පොදුකරුණු මොනවද කියලා කථාකරන්න.
ගිය ඡන්දයේදී වූ අඩුපාඩුකම් ගැන මතක තියාගන්න ඕනෑ. සමීක්ෂණ දිහා බලලා එවා විග්‍රහකරලා ඒ ගැන සමාලෝචනය කරලා අපි දැනගන්න ඕන අඩුපාඩුකම් හදාගන්න.
පාර්ලිමේන්තුවේ වැඩිම ඡන්ද සංඛ්‍යාව තියාගෙන අපි විපක්ෂයක් ලෙස ක්‍රියාකරනවා. මේ ප්‍රථිපල ගැන එක එක විග්රහ කරනවා. ඒ ගැන මම පස්සේ කියන්නම්. අපි අනාගතය ගැන බලන්න ඕන සමහරු කියනවා අපි ඉවරයි අපිට ආසන 50 හමුවෙන්නේ කියලා.. මම කියනවා එහෙම වැටෙන්න අවශ්‍ය නැහැ. අද තියෙන ප්‍රථිපල අනුව ගියහොත් අද විපක්ෂයේ වාඩිවෙලා ඉන්න එජාපයටත්, ජනතා විමුක්ති පෙරමුණටත්, ද්‍රවිඩ සංධානයටත් මන්ත්‍රිධුර 103ක් ලැබෙනවා. අපි හරියට උපක්‍රම අනුව වැඩ කරලා මන්ත්‍රිධුර 103 105කරමු.105 බැරිද 108කරන්න 108 බැරිද 110 කරන්න, ඡන්දය එනවිට අප්‍රේල් මාසයේ 113 ඉලක්කයට යන්න අපි වැඩකරන්න ඕනෑ. අනික් අතට අපි පැරදිලා ඉවරයි. ගෙදර ඉන්නවා කියලා කිව්වොත් අරපැත්තට තුනෙන් දෙකක් යනවා. අපි කොහොමහරි 113ට යන්න ඕනෑ. ඒ සඳහා වැඩකරන්න ඕනෑ. ගිය වතාවේ වගේ නෙවෙයි මේ සැරේ වැඩකරන විට අත්දෙක කකුල් දෙක වගෙම මොලය තමයි වැදගත් වෙන්නේ. දැන් ඉදන් තම බල ප්‍රදේශයට සැලසුම් හදාගෙන වැඩකරන්න ඕනෑ.
එජාපය පමණක් නෙවෙයි සම්පුරණ විපක්ෂයම අපි ඔක්කොම එකට එකතුවෙලා දැන් අපි කථා කරන්න ඕනෑ. මේ නිදහස ඊළග මාස දෙක තුනේ දී ආරක්ෂාකරන වැඩපිළිවෙළකට යායුතුයි. සමාජ මාධ්‍ය මගින් මට කොච්චර බනිනවාද? ඒ අපි දුන් නිදහස දැනුත් අපට බනින්න අනික් අයටත් බනින්න. එවා පාලනය කරන්න දෙන්න හොඳ නැහැ. නිදහසේ අදහස් ප්‍රකාශකරන්න ඕනෑ. ඒ නිසා අපේ රටේ ජනතාව අපි පළමුවෙන්ම කථාකරගෙන යන්නේ ඒ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංගණය කරන ඒවා ආරක්ෂා කිරීමට අපි සියලුදෙනා පොදු වේදිකාවක සිට කථා කළ යුතුයි. එකට අපි කථා කරන්නේ දේශපාලන පක්ෂ පමණක් නෙවෙයි, අනිකුත් සංවිධාන ගණනාවක් එකතුකරගෙන ඉදිරියට යන්න.. ඒ ගැන සාකච්ඡා කරන්න. ඒ වැඩකටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. එය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. එතනින් අපි පටන්ගමු. අපේ සටන තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ දි හොඳ මන්ත්‍රිධුර සංඛ්‍යාවක් අරගැනීමයි. ඒ සංඛ්‍යාව එක්ක අපිට බලය ආරක්ෂා කරගන්න පුළුවන්. ආණ්ඩුකරන එක ගැන මම පස්සේ කියන්නම්..‘‘ යැයිද අගමැතිවරයා කිවේය.