(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ නව ජනතාවාදී ව්‍යවස්ථාවත් සමග ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට සූදානම් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී අද(30) පැවසීය.
එක් නායකයෙකු වටා බලය කේන්ද්‍ර කරනවා වෙනුවට පොදු ජනතාවට බලය ලබාදෙන නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට සමගි ජන බලවේගයසට හැකි වූ බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමඟින්ද නොබල විය හැකිය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා.
රටේ ප්‍රධාන විපක්ෂය විදිහට සමගි ජන බලවේගය අද කටයුතු කරනවා. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත ජනතාවගේ දේශපාලනඥයන්ගේ, වෘත්තීයවේදීන්ගේ ඇතුළු සමාජයේ සියලු කණ්ඩායම් වල අදහස් ලබා ගනිමින් අපි සමගි ජන බලවේගය ව්‍යවස්ථාව සකස් කරල තියෙනවා.
වඩාත් ප්රජාතන්ත්රවාදී ප්‍රජාතන්ත්‍රවාදීව ජනහිතකාමී ව රටේ අනාගතය වෙනුවෙන් පක්ෂයක් ඉදිරිපත් කළ ව්‍යවස්ථා විදියට මෙය හඳුන්වා දෙන්න පුළුවන්.
එක නායකයෙකු වටා බලය කේන්ද්‍ර කරනවා වෙනුවට ජනතාවට බලය පැවරෙන පරිදි අපි මේ ව්‍යවස්ථාව හදලා තියෙනවා.
අද මේ රටේ සමහර පක්ෂ තියෙනවා තමන්ට තමන්ගේ පවුලට බලය ලැබෙන පරිදි පක්ෂ ව්‍යවස්ථා සකස් කරගෙන තියනවා. පක්ෂ භේදයකින් තොරව රටේ සියලුම ජනතාවට පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක් තමයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.
මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාත්මක වු ව්‍යවස්ථාවේ නායකයා වෙනස් උනේ නැහැ. එම නිසා තමයි මැතිවරණ වලදී ජනතාව එම පක්ෂය ප්‍රතික්ෂේප කරේ. සමගි ජන බලවේගය නිර්මාණය වූනෙත් එම ඒකාධිපති නායකත්වය හා පාලනය නිසයි.
මෙම නව ව්‍යවස්ථාව සම්පූර්ණම ජනතාවාදී ව්‍යවස්ථාවක්. මෙහි නායකයා පත් කරන්නේ ජාතික විධායක සභාව මගින්. එම සභාව වසරකට සැරයක් රැස්වේනවා. මීට අමතරව සමගි ජන බලවේගය නව බලවේගයක් විකල්ප ආණ්ඩුවක් සාර්ථක විපක්ෂයක් වශයේන් මේ වන විට ආණ්ඩුවේ භීතිකාව බවට අද පත්වී හමාරයි.
මෙම පක්ෂය නායකතුමා ජ්‍යෙෂ්ඨ නායකයින් වෘත්තිය වේදීන් නීතිඥවරුන් ඇතුළු විද්වත් කණ්ඩායමක් විසින් සකස් කර ජනතාවාදී ව්‍යවස්ථාවකින් ඉදිරි මැතිවරණය ජය ගැනීමේ ක්‍රමවේදයක් මේ වනවිටත් සකස් කර අවසන්.
මීට පෙර පක්ෂ ව්‍යවස්ථා එක් පුද්ගලයෙකුට හා එක් පවුල සීමා උනා. සියලු ජාතීන්ට එක්ව ඉදිරියට යා හැකි ව්‍යවස්ථාවක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපි කටයුතු කරනවා යැයිද ඔහු එහිදී පැවසීය.
එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා :
පක්ෂයේ නව ව්‍යවස්ථාව ගිය 19 වෙනිදා බණ්ඩාරවලදී සම්මත කරගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ඒකාධිපතිත්යව මෙම ව්‍යවස්ථාවේ නැහැ. පක්ෂයේ සියලුම තීන්දු තීරණ ගන්නේ ව්‍යවස්ථා කමිටුවෙන්. පවුලකට එක් අයෙකුට හිතුමතේට තීන්දු තීරණ ගැනීමට මෙම ව්‍යවස්ථාවට අනුව හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මීට අමතරව ඉදිරි මැතිවරණ සියල්ල ජය ගැනීමට හැකි වැඩසටහනක් අපි මේ වන විටත් සැලසුම් කර අවසන්. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නනේද සමගි ජන බලවේගයේ අයෙක්.
මේ වන විට ආණ්ඩු විරෝධී කණ්ඩායම් රැසක් අපි සමග එක්වීමට සාකච්ඡා කර තිබෙනවා. ඒ සෑම ජන කොට්ඨසයකටම අපි සමග එක්ව කටයුතු කිරීමට අපි ආරාධනා කර සිටිනවා.
ඉදිරියේදී සමගි ජන සන්ධානයක් ලෙස පුලුල් සන්ධානයක් බිහිවීමට මේ වනවිටත් සාකච්ඡා පවත්වාගෙන යනවා.
මේ දිනවල ආණ්ඩුව පලාත් සභා පවත්වන බවට මුලදී ප්‍රකාශ කලත් දැන් එය කල් දාන්න සූදානම්.
පලාත් සභා මැතිවරණ තියන්න එදා තීන්දු කරේ ජනවාර්ගික අර්බුදයට විසදුමක් ලෙසයි. සමගි ජන බලවේගය අපි සූදානම් රටේ තියෙන තත්ත්වය පාලනය කර ඕනැම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න" යයිද ඔහු එහිදී පැවසීය.
නීතිඥ තිසාන් ගුණවර්ධන, නීතිඥ පරමාන් කාසිම් යන මහත්වරුන් ද මේ සඳහා එක්ව සිටියහ.