‘ජිනීවා මානව හිමිකම් සැසියේ ආණ්ඩුව සාමුහිකව කටයුතු කළ යුතුයි’


(නිමල කොඩිතුවක්කු)

ජිනීවා මානව හිමිකම් සැසියේදී ආණ්ඩුව විපක්ෂත් සමඟ සාකච්ඡා කර සාමූහික එකඟතාවයක් ඇතුව රාජ්‍ය තාන්ත්‍රිකව හා සබුද්ධිකව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එසේ නොවී මානව හිමිකම් සැසියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ගියොත් රටට  බරපතළ ආර්ථික සමාජ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් රණවක මහතා සඳහන් කළේය.

පුරවැසි ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති 43 වන සේනාංකය කොළඹදී අද (04) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජිනීවා මානව හිමිකම් සැසිය දේශපාලන පන්දුවක් කර නොගෙන  රටේ අනාගතය ගැන කල්පනා කර කටයුතු කරන්නැයි  ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.