‘රටට එල්ල වී ඇති තර්ජන මඬින්න විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් හදන්න ඕනෑ’


නාලක සංජීව දහනායක

 

මේ වනවිට මාතෘභූමියට එල්ලවී තිබෙන තර්ජන මැඩලීම සඳහා විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් සැකසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අද (15) පැවසීය. 

ඒ සදහා ප‍්‍රගතිශිලි දේශපාලන පක්‍ෂ එකට එක්ව කටයුතු කළ යුතු බවද ඔහු කීය.

දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශලපාලන කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා ජාතික කොංග‍්‍රසය, තමිල මහජන විමුක්ති සංවිධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය යන පක්‍ෂ නියෝජනය කරමින් දේශපාලන පක්‍ෂ නියෝජතයේ සහභාගී වූහ.

ඒ අනුව තම පක්‍ෂය ප‍්‍රමුඛ විපක්‍ෂයේ බලවේග විසින් ඉදිරියේදී පිහිටුවීමට නියමිත රජයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සැකසීමේදී අනෙකුත් සියලූම දේශපාලන පක්‍ෂවල අදහස් ලබාගන්නා බවද බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී පැවැසීය.

සියලූම ජාතීන්ට එක්ව ජීවත්විය හැකි ස්ථාවර හා සංවර්ධිත රටක් බිහිකිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු බව තමන් විශ්වාස කරන බව සාකච්ඡාවට සහභාගීවූ දේශපාලන පක්‍ෂ නියෝජිතයේ සදහන් කළහ.