සුරතලුන් නැතිවීම වළක්වන තාක්ෂණයක්


 

සුරතලයට ඇති කරන බළලුන් නැතිවීම හා අතුරුදන් වීම වැළැක්වීම සඳහා නව තාක්ෂණයක් එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වේ. එය නම්, ඔවුනට චිප් එකක් පැලඳවීමයි. ඒ අනුව එම සතුන් සිටින ස්ථානය දැන ගැනීමට පමණක් නොව, ඔවුන් කිසියම් අනතුරකට ලක්වූයේ නම් එය පවා දැන ගැනීමට හිමිකරුවන්ට හැකියාව ලැබේ. නමුත් රජය මෙවර සතුන් හිමිකරුවන්ට ඔවුන්ගේ සතුනට මයික්‍රෝ චිප් පලඳවන්නැයි කියනවා නොව, නියෝග කිරීමක් බඳු ය.


2016දී බල්ලන් වෙනුවෙන් මෙම නීතිය ගෙනා අවස්ථාවේ එයට අකීකරු වූ බලු හිමිකරුවන්ට පවුම් 500ක් පමණ දඩ ගසන ලදී. මෙවර බළලු න් වෙනුවෙන් නීතිය රැගෙන එන්නේ එය වහාම කළ යුතුය යන පදනමේ සිටය.


දැනට එරට සිටින බල්ලන්ගෙන් සියයට 92කට මයික්‍රෝ චිප් දමා ඇත. මෙසේ චිප් දැමීමේ අරමුණ වන්නේ බළලුන් සොරකම් කිරීම වැළැක්වීමයි. ඊට අමතරව මහමග අනතුරට ලක්වූ සතුන්ගේ හිමිකරුවන් හඳුනාගැනීම මේ ක්‍රමය යටතේ ඉතා පහසු වෙනු ඇත.

 


නිසංසලා