සමාජ මාධ්‍යයේ වගේම මලල ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනා අතර මේ තුරුණු ක්‍රීඩිකාව ජනප්‍රියව සිටින්නේ මෙරට මලල ක්‍රීඩා පිටියේ සිටින ලස්සනම ක්‍රීඩිකාවක වන නිසයි. මීටර 100 සහ 200 දිවීමේ ඉසව් නියෝජනය කරමින් පසුගිය වසර දක්වා එම අංශයේ අංක එකේ කනිෂ්ඨ ක්‍රීඩිකාව වූවේ ඇයයි. වත්මනෙහිද එම අංශයෙන් ජාතික තලයේ ක්‍රීඩිකාවක වන හැඩට දුවන මේ ලස්සන තුරුණු ක්‍රීඩිකාව ගැන බොහෝ දෙනෙකු කතා වෙන මොහොතක ඇයගේ රුවින් මෙවර සඳැල්ල කවරය හැඩ කරන අතරේ ඇය ගැන විස්තර සඳහනක් අපි මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.
- සම්පූර්ණ නම ?
දිනාරා රශ්මි බණ්ඩාර දෑල
- දිනාරා ගැන විස්තරයක් කළොත්?
මගේ ගම නුවර. මුලින්ම ඉගෙන ගත්තෙ දෙහිවල ඇලීතීයා ජාත්‍යන්තර පාසලෙන්. අට වසරෙන් පසුව උසස් පෙළ දක්වා ඉගෙන ගත්තෙ කොළඹ ගේට්-වේ ජාත්‍යන්තර පාසලෙන්. දැනට නීති (LLB) උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්නවා. පවුලේ අම්මා-අප්පච්චි සහ වැඩිමහල් සහෝදරයෙක් මට ඉන්නවා.
- දිනාරාට මොන වගේ අරමුණක් ද තියෙන්නෙ?
ක්‍රීඩාවෙන් ඉදිරියට යන අතරේ නීති විෂය ගැන හොඳින් හැදෑරීම අරමුණයි. මලල ක්‍රීඩාවෙන් මම නියෝජනය කරන ඉසව්වෙන් රටට ජයග්‍රහණයක් ලබා දීමටත් උපරිම උත්සාහයක් ගන්නවා.
- මලල ක්‍රීඩාවට ඒමට විශේෂ හේතුවක් තිබුණද?
මගේ අයියා පොඩි කාලයේදී මලල ක්‍රීඩා කළා. ඒ අවස්ථාවලදී අම්මා මාවත් ක්‍රීඩා පිටියට එක්ක ගෙන ගියා. අයියා ක්‍රීඩා කරන අවස්ථා දැක්කාම මටත් මලල ක්‍රීඩා කෙරෙහි ඇති වුණේ ලොකු උනන්දුවක්.
- දිනාරා දැක්වූ ඉහළම දක්ෂතා?
ජූනියර් අංශය නියෝජනය කරද්දී මීටර 100 දිවීමේ අංශයෙන් පළමු වැනියා ලෙස තත්පර 12 ක කාලයක් වාර්තා කළා.
ඒ වගේම මීටර 200 තත්පර 24.7 කින් නිම කිරීමේ හැකියාව ලැබුණා. 2023 වසරේ ආසියානු ජූනියර් ශූරතා තරගාවලියේදී වේගවත්ම ක්‍රීඩිකාවන් අතරින් 8 වැනි ස්ථානය හිමිකර ගත්තා.
- මලල ක්‍රීඩාවට අමතරව ඔබ වඩා කැමති?
පාපන්දු ක්‍රීඩාවට.
- මෙච්චර ලස්සන දිනාරා ට රඟපෑමට එහෙම ආරාධනා ලැබුණේ නැද්ද?
ඇත්තටම මම රඟපෑමේ අංශයට කැමතියි. අවස්තාවක් ලැබුණොත් රඟපෑමට එන්න කැමතියි.