‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් සිනමා කර්මාන්තය ද දැඩි අර්බුදයකට ලක් විය. හොලිවුඞ් සිනමාව පමණක් නොව බොලිවුඩය ද කඩා වැටුණි. දින ප‍්‍රමාද වෙමින් චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ඇරැුඹීම මේ වනවිට ආරම්භ වී ඇත්තේ ඉතා මන්දගාමීවය.
නව සිනමා නිර්මාණ බිහිවන්නේ සෞඛ්‍ය උපදෙස් සහ සෞඛ්‍ය නීතිවලට අනුවය. කොරෝනා වයිරසය හේතුවෙන් සිප ගැනීමේ දසුන්, ලිංගික දසුන් මින් ඉදිරියට රූගත නොකෙරෙන බව හොලිවුඩය පවසා තිබේ. ඒ අනුව, එවැනි දසුන් සඳහා නළු නිළියන් වෙන් වෙන්ම රූගත කිරීම හෝ පරිගණක තාක්ෂණයෙන් සමීප දසුන් නිර්මාණය කිරීම හෝ සිදුවෙයි.
මෙවැනි අර්බුද අතරතුරේ, හොලිවුඩයට එක් වීමට සැරැසෙන ජපන් නිළියක් ගැන පුවතක් වාර්තා වෙයි. මේ නිළිය එරිකා ය. ඇය ඇමෙරිකන් ඩොලර් මිලියන 70 ක් වැය කර නිර්මාණය වන හොලිවුඩයේ නවතම විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක ප‍්‍රධාන නිළියයි. ඒත් එරිකා සැබෑ නිළියක් නම් නොවෙයි. ඇය රොබෝවරියකි.
එරිකා ජපන් රොබෝවෙකි. එරිකා නිර්මාණය කර ඇත්තේ ඔසාකා විශ්ව විද්‍යාලයේ රොබෝ පර් යේෂණ ඒකකයේ රොබෝ නිර්මාණකරුවකු වන ආචාර්ය හිරෝෂි ඉෂිගුරෝ ය. ඔසාකා විශ්ව විද්‍යාලයේ සහාය පමණක් නොව, එරිකා නිර්මාණයේ දී කියෝටෝ විශ්ව විද්‍යාලයේ සහාය ද ආචාර්ය ඉෂිගුරෝ ට හිමිවිය. මුදල් ප‍්‍රතිපාදන ලබා දීම සිදුවූයේ ජපාන් විද්‍යා ව්‍යාපෘති සඳහා මුදල් යොදවන ‘ජේ.එස්.ටී. ඉරාටෝ’ පදනම මගිනි.
එරිකා ඇවිදින හෝ දුවන පනින හෝ රොබෝවරියක නොවෙයි. ඇය මානවරූපී රොබෝවෙකි. මානවරූපී යනු මිනිස් රුවක් ඇති යන්න ය. එරිකාගේ පෙනුම අවුරුදු 23 ක තරුණියකගේ පෙනුමට සමාන අයුරින් නිර්මාණය වී තිබේ. එරිකාගේ සම්පූර්ණ සිරුර නිර්මාණය කර ඇති නමුත් චලනය වන්නේ මුහුණ, අත් සහ උඩු කය පමණි. පාද ඇති නමුත් ඒවායින් ඇවිදීම කළ නොහැකිය. පරිගණක මොළයක් ඇය සතුය. ඇස්වල ඇති කැමරාවලින් ඇයට පුද්ගලයන් හඳුනා ගැනීම කළ හැකිය. ප‍්‍රශ්න අසද්දී මුහුණේ චලනයන් වෙනස්් කරමින් ඒවාට පිළිතුරු දීම කළ හැකිය. එය සිදුවන්නේ එරිකාගේ හිසට සවි කළ සංවේදක 14 ක ආධාරයෙනි. බැලූ බැල්මට ඇය රොබෝවරියක යැයි නොසිතෙන අවස්ථා පවා ඇතැයි ඇය ඇසුරු කරන බොහෝ දෙනාගේ අදහසය.
එරිකා රංගනයෙන් දායක වන හොලිවුඞ් චිත‍්‍රපටයට තවම නමක් යොදා නැත. එරිකාගේ පරිගණක නිර්මාණ දසුන් ද චිත‍්‍රපයටය ඇතුළත් කෙරේ. එවිට ඇයට සාමාන්‍ය තරුණියක මෙන් රංගනයේ යෙදෙනු ඇත. චිත‍්‍රපටයේ කතාවට පාදක වන්නේ කෘති‍්‍රම රොබෝ යුවතියක නිර්මාණය කරන විද්‍යාඥ කණ්ඩායමක් වටාය. එම විද්‍යාඥ කණ්ඩායම සමඟ රොබෝ යුවතිය පලා යයි.
ආචාර්ය ඉෂිගුරෝ, එරිකා නිර්මාණය කළේ නිළියක් කිරීමේ ප‍්‍රධාන අරමුණින් බව අවස්ථා ගණනාවකදී පවසා තිබේ. 2014 වසරේ සිට එරිකා ජපන් රූපවාහිනී කතාංගවලත්, විද්‍යා ප‍්‍රබන්ධවල රූපවාහිනී නිවේදිකාවක ලෙසත් රංගනයෙන් දායක වී ඇත. කෙසේ නමුත් දැන් හොලිවුඩයට හරහා ඇය ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් වනු ඇතැයි ආචාර්ය ඉෂිගුරෝ පවසන්නේ මහත් ආඩම්බරයෙනි.
ලූසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි