අඩු මිලට තියෙද්දි වැඩිමිලට ගල්අඟුරු ගන්න වෑයමක්


දයාසීලි ලියනගේ  

ලෝක වෙ​ෙළඳපොළේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 160 ක් ලෙස පවතිද්දී, මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 240 බැගින් මෙ.ටො. 740,000 ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.  මෙම ගනුදෙනුවෙන් රුපියල් කෝටි 220ක පාඩුවක් සිදුවන බව ගණන් බලා ඇත. 

හදිසි මිලදී ගැනීම් මත මෙම ගල්අඟුරු තොගය මිලදී ගැනීම සඳහා ඇමැති කංචන විජේසේකර මහතා ගිය සතියේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වේ.  
ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා නිතර යොදාගන්නා ආයතනයකින් මෙම ගල්අඟුරු මිලදී ගැනීමට සැළසුම් කර ඇති අතර එම සමාගම ගල්අඟුරු ලබාදීමට ඉල්ලුම් කළ ආයතන අතර හතරවැනි ස්ථානයේ සිටින බව ද සඳහන් වේ. මේ අතර ගල්අඟුරු මිල ඉහළ යාම මත විදුලිබිල වැඩි කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට එක් හේතුවක් ලෙස සඳහන් කර ඇත.