අතුරු සම්මත ගිණූමෙන් මුදල් බෙදුණූ හැටි


සුජිත් හේවාජුලිගේ
ලබන වසරේ මුල් මාස හතර සඳහා රජයේ කාර්යන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යෑමට රුපියල් කෝටි 260,000 ක් අනුමත කරගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉකුත් 5 වැනිදා ඉදිරිපත් කෙරිණ. මින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය. 
එම ප්‍රමාණය රුපියල්  කෝටි 22,000කි.

මෙයට අමතරව  මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට  රුපියල් කෝටි 18,600 ක්ද, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි 17,000 ක්ද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 16,100 ක්ද, ආරක්ෂක අමාත්‍යාංශයට  රුපියල් කෝටි 14,200 ක්ද මෙම අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර  ඇත.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 9,200ක් වන අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 6,700 කි.
බලශක්ති අමාත්‍යාංශයට රුපියල් කෝටි 433ක්ද නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට රුපියල් කෝටි 1,700ක්ද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට රුපියල් කෝටි 940 කට වැඩි මුදලක්ද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 400කට වැඩි මුදලක් ද ධීවර සහ ජලජ සාගර සම්පත් අමාත්‍යාංශයට රුපියල් කෝටි 576 කට වැඩි මුදලක්ද පරිසර අමාත්‍යාංශයට රුපියල් කෝටි 493කට වැඩි මුදලක්ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට රුපියල් කෝටි 374ක මුදලක් ද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට  රුපියල් කෝටි 6,506ක මුදලක්ද කම්කරු අමාත්‍යාංශයට රුපියල් කෝටි 208 ක මුදලක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් කෝටි 376ක මුදලක්ද විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 178ක  මුදලක්ද වෙන් කර ඇත.