සුජිත් හේවාජුලිගේ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයක් වෙනුවෙන් මාසිකව තවම අය කෙරෙන්නේ රුපියල් දෙදහසක මුදලක් පමණක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයෙක් පැවසීය.
මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ආහාර බිල වැඩි කළද නිල නිවාසවල මාසික කුලිය තවමත් එලෙසම පැවතීම ගැටලු සහගත බවත් රටේ වර්තමාන තත්ත්වයට සාපේක්ෂව ගෙවල් කුලිය වැඩි කළ යුතු බවත් බොහෝ පාර්ශ්ව රජයට පෙන්වා දී ඇත.
පාඩුව පියවා ගැනීමට නම් මෙම එක් නිවසක් වෙනුවෙන් අඩු තරමින් රුපියල් 15,000ක් හෝ 20,000ක් අය කළ යුතු බව එම පාර්ශ්ව වැඩිදුරටත් පෙන්වා දෙති.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් බහුතරයක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇත.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල යම් පමණකින් වැඩිකළ ද ඉන් ආවරණය කර ගැනෙන්නේ ආහාර ද්‍රව්‍යවල මිල පමණක් බව පාර්ලිමේන්තුවේ ආහාරපාන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.