උපුල් වික්‍රමසිංහ
මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කිරීම සඳහා ආර්ථිකය සංකෝචනය කරමින් ක්‍රියා කරනු ලැබූ බවටත් එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ දී ආර්ථිකය සියයට 7.8 කින් සංකෝචනය වූ බවටත් ඇතැමුන් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ආර්ථිකය සංකෝචනය වූයේ විදේශ විනිමය හිඟවීම නිසා බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ‘ඉරිදා ලංකාදීප’ය සමග පැවැති සාකච්ඡාවක දී පැවසීය.
ආර්ථික අර්බුදය හමුවේ පොලී අනුපාත ඉහළ දමමින් ඉල්ලුම කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් නිසා ආර්ථිකය සංකෝචනය වීම අවම වූ බව පෙන්වා දෙන ඒ මහතා එසේ නොකළේ නම්, 2022 වසරේ දී සියයට 15 කින් පමණ ආර්ථිකය සංකෝචනය වී කිසිදු ආර්ථික කටයුත්තක් කළ නොහැකි තත්ත්වයට රට පත් වීමට ඉඩ තිබූ බව ද පැවසීය.
පොලී අනුපාත වැඩි කිරීමෙන් අපේක්ෂා කළේ විදේශ විනිමය සඳහා තිබූ ඉල්ලුම පාලනය කිරීම බවත් ඒ අනුව, එවක දී මාසිකව ඩොලර් බිලියන 2 ක මට්ටමක පැවති විදේශ විනිමය ඉල්ලුම ඩොලර් බිලියන 1.3 දක්වා අඩු කිරීමට හැකි වූ බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
2023 වසරේ අගභාගය වන විට උද්ධමනය සියයට 5ක මට්ටම දක්වා අඩු කරන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.