සුජිත් හේවාජුලිගේ
ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිතය.
ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15ක් පමණ ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. ඇමති බංගලා කුලියට
දෙන ලෙස විවිධ
ආයතන හතක් පමණ මෙසේ ඉල්ලීම් කර ඇත.
විනිසුරුවන් තිදෙනෙකුද ඇමති බංගලා තමන්ගේ පාවිච්චියට දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම ඉල්ලීම් සියල්ල රජයේ අවධානයට ඉදිරිපත් කළ බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.
මේ අතර ඇමැති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට යොදවා ගත හැකි බවට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් රජයට යෝජනා කර ඇතැයි වාර්තාවේ.