ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් ජනපති හමුවෙන්න එයි


ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂවරයකු වන ජේ. ශා මහතා ඉදිරි සති දෙක අැතුළත දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තාවෙයි.

මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද ජේ.ශා මහතා කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනික බලපෑම් එල්ලවන බවට වන පැමිණිල්ල පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපතිවරයා වන්නේ ද ජේ.ශා මහතාය.


මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ලවන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුවේ සාමාජිකයෙකු වන ක්‍රිකට් කවුන්සලයේ සාමාජික රටවල්වල සාමාජිකත්වයට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් කටයුතු කරන ඉම්රාන් කවාජා මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දිගින් දිගටම සිදුවන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කිරීමෙන් පසුව ඉම්රාන් කවාජා ගේ පැමිණීම සිදුවන බව වාර්තාවෙයි.