සුජිත් හේවාජුලිගේ
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පිළිබඳ වාර්තාව ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය. එසේම ඇතැම් ඖෂධ සමාගම්වල ඒකාධිකාරය බිඳ දමා ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය. පැපුරෝන් එන්නත මීට පෙර තිබුණේ රුපියල් 70,000කට වුවද මේ වනවිට එය මිලට ගන්නේ රුපියල් 370ට බව ද ඔහු කීවේය.
හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධ වුණු ඉමියුනොග්ලොබියුලීන් එන්නත මිලට ගත්තේ රුපියල් 120,000කට බවත් එය දැන් මිලට ගන්නේ රුපියල් 31,000කට බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. ඒ එක ටෙන්ඩරයකින් ඉතිරි කළ මුදල රුපියල් කෝටි විස්සක් බවද ඔහු සඳහන් කළේය.
සෙපියුරොක්සින් ප්‍රතිජීවක ඖෂධය මුලින් ගත්තේ රුපියල් 570ට වුවද දැන් ගන්නේ රුපියල් 70ට බවද හෙතෙම ප්‍රකාශ කළේය. ඒ එක ටෙන්ඩරයෙන් කෝටි අනූවක් ඉතිරි කරගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.