උතුර යළි අස්ථාවර වුණොත් වගකීම ආණ්ඩුවට


(නිශාන්ත කුමාර බණ්ඩාර) 
යළිත් වරක් යුද්ධයක් හෝ උතුරේ අස්ථාවර භාවයක් ඇති වුවහොත් එහි වගකීම ආණ්ඩුව වෙත පැවරෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මහත්මිය පවසයි.


තමන්ද එල්.ටී.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ වී සිටියත් දැන් එයින් මිදී උතුරු  පළාත් ජනතාවගේ සුබසිද්ධිය සඳහා ක්‍රියාකිරීමට දේශපාලන තීන්දුවක් ගත් බව ඇය ප්‍රකාශ කළාය. 


තමන් ඇතුලු තමන් නියෝජනය කරන දෙමළ සන්ධානවද උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කරන බවත් ආණ්ඩුවෙන් ඒ  සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇය ප්‍රකාශ කළාය. 


යම් හෙයකින් යුද්ධක් ඇතිවුවහොත් එහි වගකීම ආණ්ඩුව මෙන්ම ජාත්‍යන්තරය ද  වගකිව යුතු බවත් උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමෙන් එවැනි තත්ත්වයක් ඇති නොවන බවත් ඇය සඳහන්  කළාය.