උසස් පෙළ විභාග සමයේ විදුලිය නොකපන්න කළ ඉල්ලීම විසිවෙයි


උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.