එජාප - සජබ සාකච්ඡා අවසන් බව කීම අසත්‍යයක් - සජබ මහලේකම්


නිමල කොඩිතුවක්කු
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා අවසන් බවට පැතිර යන කතා අසත්‍යයක් බව බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
එම සාකච්ඡා වටයේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි සතියේ පැවැත්වෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

එම සාකච්ඡාවලට එකඟ නොවන පිරිස් සහ මාධ්‍ය මගින් පැතිර යන කතා අසත්‍යයක් බවත් ඔහු පැවසීය.
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා පැවැත්වෙන බවත් මහලේකම්වරයා තවදුරටත් සඳහන් කළේය.