- එක් පක්ෂ නායකයෙකුගේ වැඩි කැමැත්තකුත් නෑ
- - සජබ ජ්‍යෙෂ්ඨයෙක් අනාවරණය කරයි
උපුල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීම වෙනුවෙන් කෙරෙන සාකච්ඡා කඩාකප්පල් කිරීමට සමගි ජන බලවේගයේ කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව එම බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් ඉරිදා ලංකාදීපයට හෙළි කළේ ය.
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයකු ඇතුළු කණ්ඩායමක් පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරු අහිමි වෙතැයි බියෙන් මේ එකමුතුවට බාධා කරමින් සිටින බව ද එම ජ්‍යෙෂ්ඨයා කීවේය.
මේ වසරේ අප්‍රේල් මාසයේ දී පැවැත්වෙනු ඇතැයි පැවසෙන පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා පක්ෂ දෙක පොදු ලාංඡනයක් යටතේ එක්ව තරග කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුව ද එසේ එක්ව තරග කිරීමක් සිදු නොවෙන බව තමාට ස්ථිර ලෙස ම පැවසිය හැකි යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුණ ද එක් පක්ෂ නායකයකු ඊට වැඩි කැමැත්තක් නොදක්වන බව ද එම ජ්‍යෙෂ්ඨයා අනාවරණය කළේ ය.