කුඩා වැව් 248ක බැමි කැඩිලා: 341ක් අවදානමේ - ගොවිජන කොමසාරිස් රෝහණ රාජපක්ෂ


උපුල් වික්‍රමසිංහ
පැවති අධික වර්ෂාව නිසා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින කුඩා වැව් 248 ක බැමි කැඩීගොස් ඇති බව ද තවත් කුඩා වැව් 341 ක් අවදානම් මට්ටමට පැමිණ ඇති බව ද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජපක්ෂ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

බැමි කැඩී ගිය කුඩා වැව්වලින් 56 ක් වව්නියාව දිස්ත්‍රික්කයේ ද 55 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද පිහිටා ඇතැයි කී හෙතෙම ඒවායෙන් ජන ජීවිතයට හානි සිදු වූ බවක් මෙතෙක් වාර්තා වී නැතැයි ද සඳහන් කළේය. ජලය බැස ගිය පසු ඒවායෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ජල ධාරිතාව උපරිම මට්ටමට පැමිණීම නිසා අවදානම් තත්ත්වයේ පසුවෙන කුඩා වැව් 341 ක් හඳුනාගෙන ඇති බවත් එයින් 152 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති බවත් තවත් වැසි පතිතවුවහොත් ඒවායෙහි බැමි කැඩී යෑමේ අවදානමක් ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කීවේය.