දයාසීලි ලියනගේ
රට පුරා සේවය කරනු ලබන කෘෂි පර්යේෂණ නිලධාරීන්ගෙන් සෑහෙන පිරිසක් කිසිදු රාජකාරි කටයුත්තක් නොකර දේශපාලන කටයුතුවල යෙදී සිටින බව විගණන පරික්ෂණයකින් අනාවරණය වී ඇත.
ගොවිජන සේවා කාර්යාලවලට අයුක්ත කර සිටින මෙම ඇතැම් නිලධාරීන් සතියකට එක් දිනක පැය කීපයක් පමණක් කාර්යාලයට වාර්තා කර ඇති අතර ඉතිරි දිනවල පෞද්ගලික කටයුතුවල යෙදී ඇති බව මෙම පරීක්ෂණයේ දී අනාවරණය කරගෙන ඇත.
පොහොර බෙදාදීමේ ව්‍යාපෘතිය පිළිබඳව විගණන අංශය මගින් කරන ලද පරීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
මෙම නිලධාරින්ගෙන් බොහොමයක් දෙනා තම බල ප්‍රදේශයේ වගා කර ඇති ඉඩම් ප්‍රමාණය හා වගාකර නොමැති ඉඩම් ප්‍රමාණය පිළිබඳව නිවැරදි අවබෝධයකින් නොසිටින බව ද අනාවරණය වේ.