සුජිත් හේවාජුලිගේ
දුර බැහැර ප්‍රදේශවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 20ත් 30ත් අතර සංඛ්‍යාවක් අධික ඉන්ධන මිල ගණන් හේතුවෙන් මැතිසබයට පැමිණීම සීමා කර ඇතැයි වාර්තා වේ.
එසේම පෞද්ගලික කටයුතු සඳහා කොළඹට පැමිණීම සහ වෙනත් ගමන් බිමන් යෑමද සීමා කර ඇතැයි දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ තමාට අම්පාරේ සිට කොළඹට පැමිණ යෑමට වරකට රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය වන බවයි.
උතුරු පළාතේ මන්ත්‍රීවරුන්ට කොළඹට පැමිණ යෑමට රුපියල් අසූ දහසක් පමණ වරකට වැය වන බව කියති.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ දීමනාවෙන්ද රුපියල් අසූ දහස, ලක්ෂය බැගින් බදු කපා ගෙන ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරුන්ගෙන් බදු අය කරන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දීමනා සියල්ල එකතු කර ඊට සමානුපාතිකව බවත් මෙය ඉතා අසාධාරණ තීරණයක් බවත් විමලවීර දිසානායක මහතා පැවසුවේය. මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු ප්‍රධානින්ට දැනටමත් පැමිණිලි කර ඇත.