ඡන්දය ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම 23 ට කල් යයි


පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පවත්වන බව මැතිවරණ කොමිසම පෙරේදා යළි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබේ.

ඒ හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට අවශ්‍ය නොවන බැවින් පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 


මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නේ ද? නැද්ද? යන්න වැඩිදුරටත් සලකා බැලීම ලබන 23 වැනිදා දක්වා කල් දැමීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.