ජාතික ජන බලවේග රැළිය අද කොළඹදී


දයාසීලි ලියනගේ  

ජාතික ජන බලවේගයේ මෙහෙයවීමෙන් රජයට එරෙහි රැලියක් අද (26) කොළඹදී පැවැත්වේ.   


මෙම ජනතා රැලියට රටපුරා ජනතාව ඒකරාශි කරනු ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා කීය.  


මැතිවරණය කල් දැමීමට ගන්නා උත්සාහය, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු ගණනාවකට විරෝධය දක්වා මෙම රැලිය පවත්වන අතර අතිවිශාල ජනතාවක් කැඳවීමට සැලසුම් කර ඇති බවද ඔහු කීය.