සුදර්ශනී කෝණාර
වාණිජ බැංකු ණය මුදල් නිකුත් කිරීමේදී සෙසු සියලු සාධක ඉවතලා ක්‍රිබ් වාර්තාව (ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව) මූලික පදනම කරගෙන ණය අයැදුම් පත්‍ර ප්‍රතික්ෂේප කිරීම දිගින් දිගටම සිදුකරන හෙයින්, මුදල් ඇමතිවරයා වශයෙන් වාණිජ බැංකුවලට ප්‍රායෝගික මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කොට නිකුත් කිරීමට පියවර ගන්නැයි, බැංකු ගනුදෙනුකරුවෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
ඇතැම් අවස්ථාවල නිශ්චල දේපොළක් ඇපයට තබා ගෙන ණය මුදලක් නිකුත් කරන අවස්ථාවල දී පවා ඇතැම් බැංකු ක්‍රිබ් වාර්තාව මූලික පදනම කරගෙන ප්‍රතික්ෂේප කරන බවත්, රාජ්‍ය බැංකුවල එවැනි අවස්ථා බහුල බවත් ඔවුහු කියා සිටිති.
“මම අතීතයේ වෙනත් බැංකුවකින් ගත් රුපියල් ලක්ෂයක ගෙවීමට අතපසුවූ ණයක් පියවීමේ අරමුණෙන් මගේ විශ්‍රාම වැටුප එන මහජන බැංකු ශාඛාවට ගියා. ක්‍රිබ් වාර්තාවක් මගේම මුදලින් අරන් එය බලා ණය මුදල ප්‍රතික්ෂේප කළා.
බැංකුවේ අනුදැනුමකින් තොරව වෙනත් බැංකුවකට ප්‍රේෂණය නොකරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා යවලා ණය මුදල නිකුත් කිරීමට බැංකුවට ලේසියෙන්ම හැකියාව තියෙනවා. අපේ රටේ කිසිවක ප්‍රායෝගික බවක් නෑ.”
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ විශ්‍රාමිකයෙක් ”ඉරිදා ලංකාදීපය”ට ප්‍රකාශ කළේය.