මූල්‍ය අරමුදල කියයි
ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාව මත ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ණය හිමියන්ගෙන් අදාළ එකඟතාව ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාව අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එම අරමුදල පවසයි.
එමගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.