අංජුල මහික වීරරත්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම වෙනුවෙන් පසු විපරම් කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ ඇත.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු විද්වත්හු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ද කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේ දී මීට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
අදාළ කමිටුව විසින් අයි.එම්.එෆ්. ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතය වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් ඍජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තරයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුවේ.
ඊට අමතරව අයි.එම්.එෆ්. කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැන ද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතුය.
දූෂණ මර්ද පනත වැනි අණ පනත් ගැන ද සොයා බලමින් මාසයකට වරක් මෙම කමිටුව විසින් ඇමැති මණ්ඩලය දැනුම්වත් කරනු ලැබිය යුතු බව ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුව වෙත දුන් උපදෙස්වල සඳහන් වේ.