දිවා භෝජන සංග්‍රහයට ලක්ෂ 87ක බිලක්


දයාසීලි ලියනගේ

රජයට සම්බන්ධ ආයතනයක් අලුතෙන් පිහිටුවන ලද ඒකකයක් විවෘත කිරීමේ උත්සවයේ දිවා භෝජන සංග්‍රහය සඳහා රුපියල් ලක්ෂ 87 ක මුදලක් වැය කර ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ප්‍රධාන පෙළේ අධිකාරියක් මගින් ‘‘කඩිනම් සේවා ඒකකය’ යනුවෙන් අලුතෙන් ආයතනය තුළම ඒකකයක් ආරම්භ කිරීම වෙනුවෙන් ප්‍රධාන පෙළේ හෝටලයක මෙම දිවා භෝජන සංග්‍රහය පවත්වා ඇති බව සඳහන් වේ.


මෙම ආයතනයේ ආදායම මේ වන විට සියයට 25කින් පහළ බැස ඇති බව විගණන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මෙම ආයතනය පාඩු ලබන ආයතනයක් වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇත.