දයාසීලි ලියනගේ
දූෂණ විරෝධී පනත ලබන 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම එම පනතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
මෙම පනත මගින් මානව හිමිකම් උල්ලංඝනය වීම දැඩිව සිදුවන නිසා එය ක්‍රියාත්මක වීම වැළැක්වීමට අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ලබන විට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කීය.
මීට අමතරව මෙම පනතෙන් සිදුවන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට තීරණය කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම පනත ක්‍රියාත්මක කළහොත් රටට හා ජනතාවට සිදුවන හානිය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ද ජනතාව දැනුවත් කරන බවත් ඒ මහතා කීය.