උපුල් වික්‍රමසිංහ
යහපාලන ආණ්ඩුව සමයේ දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් පත් කරනු ලැබූ මහජන අදහස් විමසීමේ කමිටුව සකස් කළ වාර්තාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මූලාරම්භයක් කර ගත හැකි බව එම කමිටුවේ ප්‍රධානී නීතිඥ ලාල් විජේනායක පවසයි.
එම කමිටු වාර්තාවෙහි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ජනතාව යෝජනා කළ නිර්දේශ ඇතුළත් බව කී හෙතෙම, කමිටුව හමුවේ අදහස් දැක් වූ ජනතාව, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ යන පාර්ශ්වවලින් අතිබහුතරයක් දෙනා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව අවධාරණය කළ බව ද සඳහන් කළේ ය.
වත්මන් ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද එම කමිටුවේ සාමාජිකාවක වශයෙන් කටයුතු කරමින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ බව කී ඔහු, කමිටු වාර්තාව පදනම් කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීමට යහපාලන ආණ්ඩුව අසමත් වූ බව ද සිහිපත් කළේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක, මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර දී, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී තමන් ප්‍රධානත්වය දැරූ කමිටු වාර්තාව පදනම් කර ගන්නා බව පැවසුව ද, ජනතා විමුක්ති පෙරමුණ එවැනි තීන්දුවක් ගෙන නැති බව තමාට හැඟෙන බව ද ප්‍රකාශ කළේ ය.