නාම යෝජනා දුන් 2500කට තවමත් රජයෙන් වැටුප් - දීමනා - වාහන


දයාසීලි ලියනගේ  

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා බාරදුන් 2500කට අධික පිරිසක් තවමත් රජයෙන් වැටුප්, ඉන්ධන දීමනා හා වාහන ලබා ගන්නා බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

පළාත් පාලන ආයතන තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින නිසා ඒවායේ තනතුරු දරන අය හා සභිකයන් නාමයෝජනා භාරදීමෙන් පසුවත් මේ පහසුකම් ලබමින් සිටින බව වාර්තාවේ. සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට මේ තත්ත්වය දැඩි ලෙස බලපාන බව ද ඔවුහු පෙන්වා දෙති.  


මීට අමතරව මැතිවරණ කාල සීමාවක් තුළ රාජ්‍ය දේපළ පාවිච්චි කිරීම නීත්‍යනුකූල නොවන කරුණක් බව නීති අංශ රජයට පෙන්වා දී තිබෙන බව ද වාර්තා වේ.  
මේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ගියහොත් බරපතළ තත්ත්වයක් ඇතිවන බවද ඔවුන් පෙන්වා දී ඇත.