පහේ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණූ නිකුත් වෙයි


2024 වසරේ පැවති පහේ ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව 143 ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සංඛ්‍යාව 141කි.

ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිසත්‍රික්කවල කඩයිම් ලකුණු ද මීට සමාන වේ. වවුනියා දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ලකුණු සංඛ්‍යාව  130කි. දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු ගණන 139කි.මේ පිළිබඳ සම්පූර්ණ විස්තර www.lankadeepa.lk වෙබ් අඩවියෙහි පළ කර ඇත.